Press "Enter" to skip to content

ජීවිතය අනතුරේ! වහාම පිස්තෝල දෙන්නැයි මන්ත්‍රීලා 20ක් හඬා වැටෙයි

තමන්ගේ ජීවිත ආරක්ෂාව ‌වෙනුවෙන් වහාම පිස්තෝල නිකුත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

රටේ ආරක්ෂක තත්ත්වය සහ පාතාල වෙඩි තැබීම් සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම කර ඇති අතර අනතුරුව එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශයට දැනටමත් යොමු කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට පිස්තෝල ලබාදීමට රජය තීරණය කර නොමැති අතර ආරක්ෂා තර්ජන සම්බන්ධ විශ්ලේෂණයකින් තහවුරුවන මන්ත්‍රීවරුන්ට පමණක් පිස්‌ස්තෝලය ලබාදීමට රජය තීරණය කර ඇත.

කෙසේ වෙතත් මීට පෙර පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට පිස්තෝල ලබාදුන් අතර නව රජය බලයට පත්වීමෙන් පසුව එය නතර කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *