Press "Enter" to skip to content

උසස් පෙළ විභාගය අද සිට

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ, විභාගය අද සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2362ක දී පැවැත්වෙන බවයි.

මෙවර විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව, තුන් ලක්ෂ 40,525 කි.

ඉන්, දෙලක්ෂ 46,521 පාසල් අයැදුම්කරුවන් ය.

විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 ක් සහ ප්‍රාදේශීය එකතු කිරීමේ මධ්‍යස්ථාන 32 ක් පිහිටුවා තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ, අද උදෑසන 8.30 ට ආරම්භ වන බවයි.

සෑම අපේක්ෂකයෙකුම පැයකට පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණීම වඩාත් සුදුසු බව, ඇය සඳහන් කළා ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *