පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මුලසුනට අවනත නොවන්නේනම් සභාවෙන් ඉවත් කිරීමට සිදුවන බව කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා 2026 වසර සඳහා වන අය-වැයට අදාළ අය-වැය දෙවැනිවර කියැවීමේ විවාදයට අදහස් දක්වමින් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර ඒ සම්බන්ධයෙන් පොත් ලියූ අය පවා සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සමඟ නැඟී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා රීති ප්‍රශ්නයක් මතුකිරීමට දිගින් දිගටම අවසර ඉල්ලා සිටියේය.
එහිදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ තමන් ගැරඬින්ට භූමිතෙල් නොගැසූ බවයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ නම තමන් සඳහන් නොකළ බවත් සඳහන් කළ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සිය අදහස් දැක්වීම සිදු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දිගින් දිගටම රීති ප්‍රශ්නයක් මතු කිරීමට අවස්ථාව ඉල්ලා සිටියද කථානායකවරයා සඳහන් කළේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සේනසිංහ මහතාගේ නම සඳහන් නොකළ බවයි. රීති ප්‍රශ්නයක් සඳහා අවස්ථාව ලබාගැනීම සඳහා සුජීව සේනසිංහ මහතා දිගින් දිගටම උත්සාහ කළ අතර එහිදී සිදුකළ යම් ප්‍රකාශයක් හේතුවෙන්
“මන්ත්‍රී සේනසිංහ මහතා හැසිරෙන්න ඉගෙනගත යුතුයි. ඔබ නිසි පරිදි හැසිරෙන්නේ නැත්නම් මට ඔබව සභා ගර්භයෙන් ඉවත් කිරීමට සිදුවෙනවා” කථානායකවරයා සුජීව සේනසිංහ මහතාට ප්‍රකාශ කළේය.
“බැඳුම්කර වංචාව පිළිබඳ පොතක් ලියූ පුද්ගලයෙක් ගැන කතාකරනකොට ඇමැතිවරයා පැහැදිලිවම මා ගැන සඳහන් කළා” මන්ත්‍රී සේනසිංහ මහතා ද ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ඒ අනුව අනවශ්‍ය කරුණක් සඳහා කාලය වැය වූ බව සඳහන් කළ කථානායකවරයා අමතර විනාඩි දෙකක කාලයක් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට ලබා දුන්නේය.






Be First to Comment