Press "Enter" to skip to content

සමාජ මාධ්‍යයේ සෙල්ෆි දාන්න එපා.. පොලීසියෙන් දැනුම්දීමක්

පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහජනතාවට දැනුම්දීමක් කරයි.

විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් එම ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පලකිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පසුපස එන අපරාධකරුවන්ට එසේත් නැතිනම් තමන් පිළිබඳ තමන්ගේ නිවස හෝ දේපොළ පිළිබඳ විපරමින් සිටින පුද්ගලයන්ට එය වාසි සහගත තොරතුරක් විය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,

“විශේෂයෙන් විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා අපේ අම්මලා තාත්තලා දූවරු පුත්තු ගමෙන් පිටත් වෙනවා. මේ වනවි නිල facebook එක හරහා නැතිනම් සමාජ මාධ්‍ය හරහා ඔබගේ ගමනාත්තයන් පිළිබඳව ඔබම දැනුම්වත් කරනවා අපි දැකලා තියෙනවා.

selfie photo හරහා ඔබ ඉන්නේ නුවරඑළිය ,ඔබ ඉන්නේ ගාල්ලේ නැතිනම් ඔබ ඉන්නේ කතරගම යනාදි වශයෙන් මජනතාව දැනුම්වත් කිරීමේ ක්‍රමයක් ඔබ විසින්ම සකසාගෙන තියෙනවා.

මෙය සුදුසු නොවෙයි. ඔබ පසුපසින් එන අපරාධකාරයෙකුට එහෙම නැතිනම් ඔබ පිළිබඳ ඔබගේ නිවස පිළිබඳ විපරමෙන් ඉන්න කෙනෙකුට එය හුදෙක් වාසි සහගත දෙයක් වෙන්න පුළුවන්. එම නිසා අපි අම්මලා තාත්තලාට විශේෂ මතක් කිරීමක් කරනවා ඔබ ඉන්නා තැන පිළිබඳව කිසිවෙකු දැනගත යුතු නොවෙයි.

එමෙන්ම ඔබ මේ චාරිකාව සඳහා භාවිතා කරන වාහනය විශේෂයෙන් විනෝද චාරිකා පාසල් ළමුන් අරන් යන චාරිකා සඳහා ඔබ භාවිතා කරන වාහනය, බස් රථය, ඔබගේ රියදුරු, මෙම වාහනයේ අයිතිකරු කවුරුද, මෙහි යාන්ත්‍රික දෝශ පිළිබඳ ඔබ සැහීමකට පත්වෙලාද, මේ රියදුර ගැන සෑහීමකට පත් වෙලා ද, ඔබගේ ගමනාන්තය දක්වා ඔබට යහතින් යා හැකි ගෞරවනීය රියදුරෙක් ඔබ සතුව සිටී ද මේ සියලු කරුණු කෙරෙහි ඔබ අවධානය යොමුකළ යුතුයි.”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *