Press "Enter" to skip to content

හය ශ්‍රේණියේ සිසුන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න කියන්නේ විශේෂඥයෝ….!

හය වන ශ්‍රේණියේ සිසුන්ට ශරීරය පිළිබඳ මූලික දැනුම ලබා දීමට මොඩියුලයක් හඳුන්වා දී ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

තම ශරීරය සෞඛ්‍යසම්පන්න ලෙස පවත්වාගෙන යෑමට උපදෙස් ලබා දෙමින් හය වන ශ්‍රේණියේ සිසුන්ගේ වයසට සුදුසු පරිදි එම පොත සකස් කර ඇතැයි ද අගමැතිනිය ප්‍රකාශ කරයි.

පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ විශේෂඥ වෛද්‍යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන බව කී ඇමතිවරිය ඒ අනුව සුදුසුකම් ලත් කණ්ඩායමක් එක්ව මොඩියුලය නිර්මාණය කළ බව සඳහන් කළා ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් මහජන නියෝජිතයන් දැනුම්වත් කිරීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළාය.

රටේ ලිංගික අපචාරවලට සහ පීඩනයට දරුවන් ලක්වීමේ ප්‍රවණතාව වර්ධනය වන බව කී අගමැතිනිය මෙම ගැටලුවෙන් ආරක්ෂා වීමට දරුවන්ට ලිංගික අධ්‍යාපනය ඉගැන්විය යුතු යැයි සෞඛ්‍ය අංශ හා විශේෂඥයන් උපදෙස් ලබාදුන් බව ද ඇය එහි දී පෙන්වා දුන්නාය.

විශේෂඥ උපදෙස් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපදෙස් අනුව රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව කරුණු නොදැන චෝදනා කරන බවත් අගමැතිනිය සඳහන් කළා ය.

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *