Press "Enter" to skip to content

ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලය සාම්ප්‍රදායික කේක් මිශ්‍රණය සිදු කරමින් උත්සව සමය අරඹයි

ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලය 2025 වසරේ සාම්ප්‍රදායික කේක් මිශ්‍රණ උත්සවය පවත්වා උත්සව සමයේ නිල ආරම්භය සනිටුහන් කළේය. මෙම අවස්ථාවට හෝටලයේ කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ අමුත්තෝ එක් වූහ. උත්සව අවස්ථාවට සම්බන්ධ වූ ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ සාමාන්‍යධිකාරි තුසිත් සමරවීර මහතා මෙසේ අදහස් පළ කළේය.

“කේක් මිශ්‍රණ උත්සවය කියන්නේ නත්තල් සමයේ ආරම්භය සහ නව වසරට පිවිසීම සනිටුහන් කරන සාම්ප්‍රදායික උත්සවයක්. මෙම අවස්ථාව අපගේ කාර්ය මණ්ඩලය සහ අමුත්තන් එක් වී සතුටින් සැමැරීම සුවිශේෂ අත්දැකීමක්.” මෙම සාර්ථක උත්සවය සමග ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ උත්සව කාල සටහනේ නිල ආරම්භය සිදු වූ අතර හෝටලයට පැමිණෙන අමුත්තන්ට රසවත් ආහාර පාන සහ සාම්ප්‍රදායික උත්සව අත්දැකීම් රාශියක් සැපැයීමට ග්‍රෑන්ඩ් කැන්ඩියන් කාර්ය මණ්ඩලය සූදානමින් සිටියි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *