වර්තමානයේ මෙරට සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පවසයි.
එහි විධායක කමිටු සාමාජික චම්පා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ මෙරටින් වසරකට සුනඛ සපා කෑම් 250,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සුනඛ වන්ද්‍යාකරණ කටයුතු විධිමත් වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාවට නැංවිය යුතු බව මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චම්පා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වු සත්ත්ව සුබසාධක සංගමයේ විධායක සාමාජික ගිහාන් දිනුෂ්ක මහතා,
“අපි අනුමාන කරනවා වීථි සුනකයින් ලක්ෂ 20ක් 30ක් අතර ගණනක් ලංකාවේ ඉන්නවා කියලා. ඒ සම්බන්ධයෙන් නිෂ්චිත සංගණනයක් තාම වෙලා නෑ. අනුමාන කරනවා පුද්ගලයින් 8කට එක් සුනඛයෙක් ලෙස තමයි වන්ද්‍යාකරණ වැඩසටහන්වලදී අපේ පහසුවට අපි ගණනය කිරීම් කරලා තියෙන්නේ. නමුත් මිනිස්සු එළියේ ඉදලා දරණ මතයක් තමයි මේ සුනඛ අනාථාගර තමයි මේ සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් විසඳුම කියලා. මේ ගැන හොයලා බලන්නේ පසුගිය රජයන් කාලේ මහජන නියෝජිතයන් ගත්ත බුද්ධිමත් නොවන තීරණ තියෙනවා. වීථි සුනඛ ගහනය වැඩි වීමෙන් වෙන්නේ රිය අනතුරු වැඩි වෙනවා. බයික්, ත්‍රී රෝද රථ අනතුරු වැඩි වෙනවා. සුනඛ සපා කෑම් වැඩි වෙනවා. ජලභීතිකා රෝගය ව්‍යාප්ත වෙනවා. ඒ නිසා රජය මේ ගැන අවධානය යොමු කරන්න. නිවැරදි මග පෙන්වීමක් ගන්න. මේක පාලනය කරන්නේ කොහොමද කියලා අපි මගපෙන්වීමක් කරන්නන්. කරලා පෙන්වන්නම්. අපිට ඒකට අවස්ථාවක් හදලා දෙන්න.”






Be First to Comment