Press "Enter" to skip to content

මේ වසර තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි වෙයි

මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, එම කාලය තුළ නව සමාගම් 18,000ක් ලියාපදිංචි වී ඇති බවය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එකේවෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය මේ බව සඳහන් කළාය.

“මේ වසර තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිය වසරට සාපේක්ෂව 18% වැඩි ආදායම් ඉලක්කයක් ලබාදීලා තිබුණා. ගිය සතිය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණා ඉතිහාසයේ ලබාගත් වැඩිම ආදායම් ඉලක්කය රු ට්‍රිලියන 2ක් ඉක්මවලා ආදායමක් ලබාගන්න. මේ අවස්ථාව වෙනකොට බිලියන 2,080ක ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබාගෙන තියෙනවා.”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *