Ather Energy Limited ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්‌ට්‍රොනික් බයික් නිෂ්පාදකයා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උඩුයටිකුරු කිරීමට සූදානම් වෙමින් සිටින අතර එහි මුල් පියවර ලෙස රිස්ටා (Rizta) නාමයෙන් සිය පළමු ඉලෙක්‌ට්‍රොනික් ස්කූටරය ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දක්වනු ලබයි. Ather Energy සන්නාමය විශිෂ්ට අභ්‍යන්තරික ඉංජිනේරු විද්‍යාවේ සහාය ඇතිව ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු උසස් හා දියුණු තාක්ෂණය භාවිතයෙන් ඉලෙක්‌ට්‍රොනික් ස්කූටර් නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රසිද්ධ සමගමකි. මෙම හඳුන්වාදීම ඉන්දියාවේ දෙවන නිෂ්පාදනය වන නමුත් එය ශ්‍රී ලාංකික පරිශීලකයන්ට උසස් තත්වයේ සහ විශ්වාසදායක ඉලෙක්‍ට්‍රොනික අතිදැකීමක් ගෙන ඒමේ පළමු පියවරයි.
නවීන තාක්ෂණයෙන් අනූන වේගවත්ව ගමන් කිරීමේ හැකියාව සහිතව නිර්මාණය කර ඇති Rizta සමඟ ස්මාර්ට් ඉංජිනේරු විද්‍යාව ප්‍රායෝගිකව ඒකාබද්ධ කර තිබේ. Rizta Ather යනු ඉඩකඩ කළමනාකරණය, මෝස්තරකරණය, උසස් ක්‍රියාකාරිත්වය හා තාක්‍ෂණය මුසු සුමට හා විශ්වාසදායක ගමනක පසුව අත්විඳීමේ හැකියාව ලබා දෙන නවීන පන්නයේ ස්කූටරයකි. නවෝත්පාදනයක් වන මෙය අද පරම්පරාවට ගැළපෙන පරිදි සහ ජීවන රටාව පහසු කරන සුලු ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. රුපියල් 699,900 ක පහසු මිල මට්ටමක සිට, Rizta S සහ Rizta Z ප්‍රභේද රට තුළට ගෙන්වන අතර, Rizta S හඳුන්වාදීම දීමෙන් ටික කලකට පසු Rizta Z හඳුන්වාදීමට නියමිතය.
Evolution Auto සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටියේ “අපි හඳුන්වා දෙන්නේ ඉලෙක්ට්‍රොනික් ස්කූටරයක් පමණක් ම නොව, එය ශ්‍රී ලංකාවේ බයික් කලාවේ නව සලකුණක් තබන බව අපි විශ්වාස කරමු, Ather Rizta නවොත්පාදනයේ අරමුණ වන්නේ සුව පහසු ඉලෙක්ට්‍රොනික ගමනාගමනයක ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමයි.” යනුවෙනි.
2W/3W Business of Evolution Auto (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සහරාන් සියාවුඩීන් මහතා Ather Rizta සන්නාමයේ නිර්මාණකරණ ප්‍රමිතිය පිළිබඳව අවධාරණය කරමින් ප්‍රකාශ කර සිටියේ, ” ශ්‍රී ලංකාවේ නව පරපුරේ මගීන් සඳහා කැපවූ ඉලෙක්ට්‍රොනික ස්කූටරය Ather Rizta බවත්, එහි උසස් තාක්‍ෂණය සහිත ස්මාර්ට් අංගෝපාංග පරිශීලකයාගේ ගමනේ පහසුව සහ ආරක්ෂාවේ වගකීම දරයි. ” යනුවෙනි.
Evolution Auto (Pvt) Ltd හි අලෙවිකරණ ප්‍රධානී සෞරබ් ෂර්මා මහතා මෙම අවස්ථාවට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ,”Ather Rizta ස්කූටරය නිෂ්පාදනය කිරීමේදී විශේෂයෙන් ම අවධානය යොමු කර ඇත්තේ භෞතික ඉංජිනේරු විද්‍යාවේ උසස් තාක්ෂණය සැබෑ ලෝකය තුළ ප්‍රතිනිර්මාණය කිරීම කෙරෙහි බවත්, එහි කල්පැවැත්ම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ විශ්වසනීය පිළිගැනීමක් ඇති අතර, අංගෝපාංග සැලසුම්කරණය හා තාක්ෂණික බුද්ධිය භාවිතය ශ්‍රී ලාංකීය පරිශීලක මගීන් සඳහා හොඳින් ගැලපෙන බව අපි විශ්වාස කරමු.” යනුවෙනි.
Ather Rizta පැයට කිලෝමීටර 80 ක උපරිම වේගයකින් යුක්ත වන අතර තත්පර 4.7 කින් පැයට කිලෝමීටර 0–40 ක කාලයට සමාන වේගයක් ලබා ගත හැකිය. එය 2.7 kWh ලිතියම්-අයන බැටරියකින් සමන්විත වේ. එම සංඝටක දෙකෙහිම පූර්ණ සංයෝගය මත කිලෝමීටර 123 ක සහතික කළ IDC පරාසයක් ලබා දෙයි. Ather හි තාක්‍ෂණයේ මුල්ම DNA වලට සමානව ම, Rizta Z සඳහා ගූගල් සිතියම සහ ඇමතුම් සහ ඇඟවීම් ක්‍රියාවලිය සඳහා බ්ලූටූත් සම්බන්ධතාවය සහිත අඟල් 7 TFT ස්පර්ශ තිර උපකරණ පුවරුවක් ඇත. බෑවුම්වල ස්කූටරය ස්ථාවරව තබා ගත හැකි (AutoHold) ද, තද අවකාශයන්හි පහසු උපාමාරු සඳහා වන මාදිලිය ද, තෙත් හෝ අසමාන මතුපිටයන් මත ගමන් කිරීමේදී ග්‍රහණය සඳහා වැඩි දියුණු කළ (SkidControl) ද, සුව පහසු ගමනක් සඳහා වන (Monoshock) ද, ක්ෂණික ව නවත්වා ගැනීම් වැනි තාක්ෂණයෙන් අනූන මෙවලම්හි ආරක්ෂාව සහ විශ්වසනීයත්වය ද පරිශීලක මඟියාට අත් විඳිය හැකිය. ඉන්දියාවේ ප්‍රථම වරට හඳුන්වා දුන් මෙම තාක්ෂණය ශ්‍රී ලාංකීය පරිශීලක මඟීන්ගේ දෛනික ජීවිතයේ පහසුව, වැඩි දියුණු කළ ආරක්ෂාව සහ ජනාකීර්ණ තදබදයක් සහිත නගර තුළ වෙහෙසකින් තොරව සිය පාලනය අනුව පැදයාමේ අවස්ථාව උදා කර දෙනු ඇත.
ගුණාත්මකභාවය සහ උපාංගවලට අමතර ව ආරක්ෂාව සහ දිගු කාලීන පැවැත්ම කෙරෙහි Ather යොමු කළ අවධානයේ සාරය Rizta ස්කූටරය වේ. බැටරියේ ස්වභාවය ශ්‍රී ලංකාවේ මාර්ගවලට, කම්පනය සහ උෂ්ණත්වයට ඔරොත්තු දෙන පරිදි නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි. එම තත්වය තහවුරු කිරීම සඳහා බැටරිය දැඩි පරීක්ෂණ 272 කට භාජනය කර තිබෙන අතර IPX7 ජල ආරක්ෂිත පැකේජයකින් සමන්විත වන අතර AIS-156 සහතික කර තිබේ. ඒ ඔස්සේ කර්මාන්තයේ ප්‍රමුඛ ආරක්ෂක ප්‍රමිතීන් පිළිබිඹු වේ. Ather සිය ඕනෑම නිෂ්පාදනයක් හඳුන්වාදීමට පෙර ගුණාත්මකභාවය තහවුරු කර ගැනීමේ අනිවාර්ය අදියර අටක් යටතේ ක්‍රියාත්මක වන අතර එය නිෂ්පාදන සංවර්ධන පද්ධතියකින් (APDS) යුක්ත වේ. 2024 දෙසැම්බර් 31 දා සිට Ather සමාගම එහි ස්කූටරවල සියලුම ආකාරයේ ගමනාගමන ක්‍රියාවලීන් වලංගු කිරීම සඳහා උසස් ම තත්වයේ පරීක්ෂණ 4,535 ක් පවත්වාගෙන යන අතර ඒ තුළින් කල්පැවැත්ම සහ ඉංජිනේරු විශිෂ්ටත්වයේ කැපවීම අවධාරණය වේ.
Ather සමාගම හඳුන්වා දෙන සියලූ ම ස්කූටර සඳහා වසර 5ක වගකීම් කාලයක් ද කිලෝමීටර 60,000 ක ගමනාන්ත සඳහා බැටරි වගකීමක් ද ලබා දෙන අතර අමතර මිලදී ගැනීමක දී වසර 8ක වගකීම් කාලයක් ද කිලෝමීටර 80,000 ක් දක්වා ගමනාන්ත සඳහා වැඩි දියුණු කරන ලද බැටරි වගකීමක් ද ලබා දීම සඳහා විකල්ප අවස්ථා නිර්මාණය කර තිබේ. මෙම තත්ව සහතිකය මඟින් කාල සීමාව අවසානයේ අවම වශයෙන් 70% ක බැටරි සෞඛ්‍යයක් සහතික කරයි. මෙම සහතිකය මඟින් දිගු කාලීන පිරිභෝගික විශ්වාසය ගොඩනඟන අතර කල් පැවැත්මක් සහිත නිෂ්පාදන සම්බන්ධයෙන් වන Ather සමාගමේ කැපවීම පිළිබිඹු වේ. විශේෂත්වය වන්නේ විදුලි ස්කූටර පෙට්‍රල් ස්කූටර් සමඟ සසඳන විට නඩත්තු වියදම් අඩු හා ලාභදායී වන අතර එමඟින් කාලය කළමනාකරණය කරගත හැකි වීමයි.
2024 දෙසැම්බර් මාසයේදී Ather 450X සමඟින් ශ්‍රී ලංකාවට පැමිණි Ather විකුණුම් මධ්‍යස්ථාන 40 ක් සහ (Ather Grid) වේගවත් ආරෝපණ මධ්‍යස්ථාන 5 ක් ස්ථාපිත කර ඇති අතර එමඟින් රට තුළ ඉලෙක්ට්‍රොනික් වාහන කෙරේ විශ්වාසනීය සහයෝගීතාවය පිළිබඳ ශක්තිමත් පදනමක් ගොඩනඟා ඇත. Ather Rizta හරහා සමාගමේ මෙම සම්බන්ධතාවය තවදුරටත් ඉදිරියට ගෙන යාම අරමුණු කරයි. ශ්‍රී ලාංකික පරිශීලකයන් වෙත තාක්ෂණික නවෝත්පාදනයක් ලෙස විශ්වාසයෙන් හඳුන්වාදුන් විදුලි ස්කූටරය ඉලෙක්ට්‍රොනික ලෝකය තුළ අනාගත ගමනේ නව සූදානම වේ යැයි විශ්වාස කළ හැකිය.
Ather Energy Limited පිළිබඳව
Ather Energy Limited (ATHERENERG | 544397 | INE0LEZ01016) යනු ඉන්දියානු විදුලි ද්වි රෝද රථ හෙවත් (“E2W”) වෙළඳපොලේ පුරෝගාමියා බව CRISIL වාර්තාව සඳහන් කරයි. 2013 දී තරුන් මේතා සහ ස්වප්නිල් ජේන් විසින් ආරම්භ කරන ලද Ather ඉහළ ගුණාත්මකභාවයක් සහිත විදුලි ස්කූටර් නිර්මාණය කර නිෂ්පාදනය කරයි. 2018 වර්ෂයේ දී සමාගම එහි පළමු විදුලි ස්කූටරය හඳුන්වා දුන්හ. එහි වත්මන් E2W සුවිශේෂී නිෂ්පාදන රේඛා දෙකකින් සමන්විත වේ. එයට නැඹුරු පාරිභෝගිකයින් වෙනුවෙන් එහි ගුණාත්මකභාවය කෙරේ අවධානය යොමු කළ Ather 450 මාලාව සහ 2024 දී හඳුන්වාදෙන ලද සුව පහසු පළමු ස්කූටරය පවුලේ ස්කූටර් රේඛාවේ ආරය ගත් Ather Rizta වේ. මෙම නිෂ්පාදන රේඛා එක්ව ප්‍රභේද 9 ක් ඉදිරිපත් කරයි. කැපවීම මත වේගවත් ආරෝපණ ජාලයක් ස්ථාපිත කළ ඉන්දියාවේ පළමු ද්වි රෝද රථ සමාගම OEM Ather Energy Limited වේ. අද වන විට, Ather රටේ පුළුල්ම 2W සහ වේගවත් ම ආරෝපණ ජාලය ලෙස ක්‍රියාත්මකයි. 2025 සැප්තැම්බර් 30 වන විට, Ather Energy Limited විසින් ලොව පුරා වේගවත් ආරෝපණ මධ්‍යස්ථාන 4,322 ක් ස්ථාපනය කර ඇති අතර, ඉන්දියාව තුළ 4,282 ක් සහ නේපාලය සහ ශ්‍රී ලංකාව තුළ 40 ක් පිහිටුවා ඇත. පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් 2025 සැප්තැම්බර් 30 වන විට සමාගම ලියාපදිංචි වෙළඳ ලකුණු 319 ක්, ලියාපදිංචි නිර්මාණ 212 ක් සහ ලියාපදිංචි පේටන්ට් බලපත්‍ර 48 ක් මෙන්ම ගෝලීය වශයෙන් වෙළඳ ලකුණු 120 ක්, නිර්මාණ 108 ක් සහ පේටන්ට් බලපත්‍ර 492 ක් වෙත සිය වත්කම් අවකාශය පුළුල් කරගෙන තිබේ.






Be First to Comment