Press "Enter" to skip to content

රතු කුරුසයෙන් කොළඹ පවුල් 500 ට කෘෂි ජීවනෝපාය සංවර්ධන ආධාර

වර්තමානයේ පවතින ආර්ථික තත්වයන් හේතුවෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ කෘෂිකාර්මික හා ස්වනිෂ්පාදන කටයුතුවල යෙදී සිටින ජනතාවට ආධාර වැඩසටහනක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ක්‍රියාත්මක කරයි.

එම ව්‍යාපෘතිය යටතේ හෝමාගම හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ⁣ කෘෂිකාර්මික, සත්ව පාලන හා බිම් මල්, වගාව ආදී මෙරට නිෂ්පාදන ආර්ථියක සවිබල ගන්වන සුළු පරිමාණ ව්‍යවසාය ජීවනෝපායන්හි නිරත පවුල් 500 කට රුපියල් 75,000 බැගින් මූල්‍ය ආධාර ලබාදීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාව කටයුතු යොදා ඇත.

මෙහි සිව්වන අදියර යටතේ පවුල් (100) සියයකට මුල්‍ය ලබාදීමට අදාල ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා (02) කොට්ටාවේ පිහිටි ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛා ශ්‍රවනාගාරයේදී ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛා විධායක නිලධාරී කුමාරි කොතලාවල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.

එහි දි කුමාරි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළේ  මේ වන විට පවුල් හාරසියයකට මෙම ආධාර මුදල් ලබා දී ඇති බවත් රුපියල් මිලියන 45 ක් මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කරන බවය.

මෙම මූල්‍ය ප්‍රදානය ඇපකරුවන් හෝ කිසිදු පොලියක් අය කිරීමකින් තොරව ප්‍රදානයක් ලෙස ලබා දෙන බවත්, මෙම මුදල තමන්ගේ ව්‍යාපාරයේ දියුණුවට යොදාගෙන ඒ තුළින් තමන්ගේ ජීවන තත්ත්වය උසස් කරගන්නා අතරම රටේ ආර්ථිකය ද ශක්තිමත් කිරීමට හැකි පමණ දායක වන ලෙස කොතලාවල මහත්මිය මෙහිදී ප්‍රතිලාභීන් ගෙන් ඉල්ලා සිටියාය.

වැඩිදුරටත් ඇය ප්‍රකාශ කර සිටියේ තමන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම හා මූල්‍ය කළමනාකරණ දැනුම ද ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් ඔවුන්ට නොමිලේ ලබා දෙන බවය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කොළඹ ශාඛාවේ නිලධාරීහු ද එක් වූහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *