Press "Enter" to skip to content

පොහොයට පිට පළාත්වලින් අනුරාධපුරයට එන්න එපා

දිවයිනට බලපෑ අයහපත් කලාගුණ තත්ත්වය හේතුවෙන් හෙටට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී වන්දනාමාන කටයුතු සඳහා නොපැමිණෙනවා නම් වඩාත් සුදුසු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි සැඳැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ආනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පලකළහ.

“ශ්‍රී ලංකා වාසීන්ට විශේෂ වැදගත් පොහොය දිනයක් වගේම, අනුරාධපුරයට ඉතා සුවිශේෂ පොහොය දිනයක් වන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයක් කියන්නේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ වෙනුවෙන් දඹදිව බුද්ධ ගයාවේ සිට ශ්‍රී මාහා බෝධීන් වහන්සේගේ දක්ෂණ ශාඛාව මෙරටට වැඩම කරවාගෙන අනුරාධපුරයේ මහමෙව්නාවේ රෝපණක කළ පොහොය දිනයයි. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ අනුස්මරණය කරමින් සහ බෝධී රෝපණය අනුස්මරණ කරමින් අනුරාධපුරයේ ශ්‍රී මාහා බෝධීන් වහන්සේ කේද්‍රකරගනිමින් වතාවත් කරන පොහොය දිනයයි. කරුණු එහෙම වුණත් මේ රටේ දැනට පවතින තත්ත්වයත් එක්ක මේ වෙලාවේ ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් අනුරාධපුරයෙන් බැහැරව ඉන්න අපේ සැඳැහැවතුන්ට මතක්කරන්න කැමතී. වෙනදා වාගේ නැතිව පවතින වාතාවරණය පිළිබඳව නුවනින් කල්පනා කරලා අනුරාධපුරයට දුරබැහැරින් එන සඳැහැවතුන් මේ පොහොය දවසේ වන්දනාමාන කිරීම සඳහා නොපැමිණෙනවානම් හොඳයි කියන එක මගේ පෞද්ගලික අදහස. අපි ආගමික වතාවත් කිසිදෙයක් අඩු නැතුව සිදුකරනවා. ඒ වගේම මේ ව්‍යසනයෙන් විපතට පත් වුණු සහ මියගිය සියලුදෙනාට පිං අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *