Press "Enter" to skip to content

මුර දෙව්වර සේනා 28,000ක් ජන ජීවිත ගොඩ නගන සටනේ

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සඳහන් කළේ ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත් සේවයේ යොදවා ඇති බවයි.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 31,057 දෙනෙකු මුදා ගැනීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.

මේ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිදවැටුනු විදුලි සංදේශන පද්ධතිය සියයට 75කට වඩා මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්ධුල හේරත් මහතා සදහන් කළේ බිදවැටුනු ෆයිබර් සබඳතාද යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින බවය.

මේ අතර ආපදා තත්ත්වය හමුවේ මෙරටට පැමිණි කිසිදු සංචාරකයෙකුට බරපතල බලපෑම් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ සියලුම සංචාරක ගමනාන්ත වෙත මේ වන විට ප්‍රවේශ වීමේ හැකියාව පවතින බවය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *