මෙරට ප්‍රමුඛතම රූපලාවන්‍ය සමාගමක් වන Dreamron සමූහ ව්‍යාපාරය මගින් පසුගිය දිනයන්හි දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් තම නිවාස, දේපළ, ව්‍යාපාරික ස්ථාන හා ජීවනෝපාය අහිමු වූ පුද්ගලයින්ට ශක්තියක් වීමේ අරමුණින් “Dreamron අත්වැල” වැඩසටහන පසුගියදා දියත් කෙරුණි- මෙය Dreamron සමූහයේ සමාජ වගකීම පිළිබඳ දිගුකාලීන අඛණ්ඩ කැපවීමේ තවත් එක් අංගයක් ලෙස එම සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ප්‍රියංක පෙරේරා මහතාගේ සහ අධ්‍යක්ෂිකා නීෂා පෙරේරා මහත්මියගේ නායකත්වය හා මගපෙන්වීම මත සිදුකරන ලදී-
හානියට පත්වූ ව්‍යාපාර නැවත ගොඩනැගීමට හා ජීවනෝපාය නැවත යතාතත්ත්වයට පත්කිරීම සඳහා උපකාර කිරීම මෙහි මූලික අරමුණයි- පළමු අධියර ලෙස ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර වෙත මූල්‍ය පරිත්‍යාග කිරීම සිදුවිය. Dreamron සමාගමේ සමාජ වගකීම අර්ථවත් කරමින් දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සේවක මණ්ඩල වාර්ෂික සුහද හමුවද අවලංගු කර එම මුදල්ද මෙම කර්තව්‍ය සඳහා යෙදවීම ඉතා අගයකොට සැලකිය යුතුය.
“ලෝකයක් දිනන්නට වෙර දැරූ ඔබට Dreamron අත්වැල” වැඩසටහන පසුගිය දෙසැම්බර් 05 වන දින කඩුවෙල, නවගමුව, අඹතලේ යන ප්‍රදේශ වලදී ආරම්භ කළ අතර ඉදිරි දිනයන්හි ආපදාවට ලක්වූ අනෙකුත් ප්‍රදේශ කරාද රැගෙනයාමට නියමිතය-
Dreamron සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ප්‍රියංක පෙරේරා මහතා මෙහිදී සඳහන් කර සිටියේ රූපලාවන්‍යාගාර හිමියන් හා වෘත්තීය රූපලාවන්‍ය ශිල්පීන් මෙම කර්මාන්තයේ කොඳුනාරටිය බවත් ඔවුන් මේ මොහොතේ ඉතා අසීරු මට්ටමක සිටීම රූපලාවන්‍ය කර්මාන්තයට දැඩි බලපෑමක් ඇති කරන බවත්ය. තවද ඒ මහතා කියා සිටියේ Dreamron ඔවුන් සමග මේ මොහොතේ සිටිනුයේ සන්නාමයක් හෝ ආයතනයක් ලෙස නොව, ඔවුන්ගේ සැබෑ සහකරුවෙකු ලෙසයි. මෙම ව්‍යාපෘතිය හුදෙක් එක් සමාජ සත්කාරයක් ලෙස නොව, වසර 25ක් පුරාවටම Dreamron ආයතනයේ සාර්ථකත්වයට හේතුවූ ජනතාව මෙවන් අසීරු මොහොතක කිසිලෙසකින්වත් අමතක නොකරන බවද අවධාරණය කර සිටියේය.
Dreamron සමූහ ව්‍යාපාරය වසර 25ක් පුරාවට මෙරට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉතා ඉහළ මට්ටමක සිටින දේශීය සමාගමක් වන අතර, වඩාත් අගය කරන ලද දේශීය රූපලාවන්‍ය සාමගම ලෙස ගෝලීය මට්ටමේ නිෂ්පාදන මෙරට පාරිභෝගිකයන් වෙත ලඟා කරවීම ඔවුන්ගේ දිගුකාලීන දැක්මයි. Dreamron සමූහ ව්‍යාපාරය යටතේ Dreamron, Evon, Aurica යන සන්නාමයන්ගෙන් නිෂ්පාදන මෙරට මෙන්ම විදේශ වෙළඳපලටද ඉදිරිපත් කරන අතර බහුජාතික සමාගම් සඳහාද ඔවුන්ගේ නාම යටතේ නිෂ්පාදනය සිදුකරයි. තවද රූපලාවන්‍ය ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා Dreamron රූපලාවන්‍ය පාසැල් ජාලයද පවත්වාගෙන යයි.






Be First to Comment