Press "Enter" to skip to content

මේ ස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ඉදිරි උත්සව සමය වෙනුවෙන්, නගර සහ ආගමික ස්ථාන ආරක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් බලඇනියක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

ඊයේ (15) මාධ්‍ය හමුවේ ඒ මහතා සඳහන් කළේ, බස්නාහිර පළාතේ පමණක් විශේෂයෙන් අතිරේක පොලිස් 2,500ක් මෙම ආරක්ෂණ කටයුතු සඳහා යොදවා ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ ඔහු,

“උත්සව සමය එළැඹීමත් සමඟම සෑම පොලිස් ස්ථානයකම පොලිස්පතිතුමා විසින් විශේෂ පණිවුඩයක් ලබා දුන්නා. නගරවල ආරක්ෂාව පූජනීය ස්ථානවල ආරක්ෂාව, ඒ වගේම සෙනග සහ මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සාප්පු සංකීර්ණ වල ආරක්ෂාව තහවුරු කරන්නට. විශේෂයෙන් බස්නාහිර පළාතේ 2,500ක අතිරේක බලඇනියක් මේ සියලු කටයුතු සඳහා යොදවලා තියෙනවා. ඒ නිසා මහජනතාව විසින් තමන්ගේ රථය යතුරු පැදිය යම්කිසි ස්ථානයක ගාල් කරන්නේ නම් ඒ ගැන අවධාන යොමු කරන්න. එ් රථයේ වටිනා දේපොළ හෝ මුදල් තබා නොයන්න. ඔබට යම්කිසි කෙනෙක් ගැන සැකයක් ඉස්මතු වන්නේ නම් ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට ඒ බව දැනුම් දෙන්න. මේ උත්සව සමයේ සිවිල් ඇඳුම් ඇදගත් පොලිස් නිලධාරීන් රාශියක් ඔබගේ සහායට සහ ආරක්ෂාවට ඉන්නවා. බුද්ධි නිලධාරීන් ඉන්නවා. ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව ඔබව ආරක්ෂා කිරීමට සූදානමින් සිටිනවා.”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *