Press "Enter" to skip to content

මහවැලි ගඟ ද්‍රෝණිය ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්

මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය අද (20) පස්වරු 5.30 දක්වා බලපැවැත්වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව පසුගියදා (18) නිවේදනය කර තිබුණි.

ඒ අනුව කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශවල සිටින පිරිසට විශේෂයෙන්ම අවදානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *