Press "Enter" to skip to content

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සිය 20 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාමයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය 20 වැනි සංවත්සර ප්‍රධාන සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ඔක්තෝබර් මස 03 වන දින පෙ.ව 9.00 ට ආරම්භ වූ මෙම උත්සවය සණස ව්‍යාපාරයේ නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මාර්ගගත ක්‍රමය ඔස්සේ සජීවීව විකාශනය කෙරුණු මෙම උත්වසවය සඳහා දිවයින පුරා ව්‍යාප්තව ඇති ශාඛා සියල්ල මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ අතර මුළු දිවයිනම ආවරණය කරමින් විවිධ වැඩසටහන් රැසක් ශාඛා මට්ටමින් මෙයට සමගාමීව සංවිධානය කොට තිබුණි. මෙහිදි අදහස් දක්වමින් ආයතනික ප්‍රධාන විධායක නිලධාරි, අයිවන් නිකලස් මහතා “ඉතාමත් කෙටි කාලයකින් ශ්‍රී ලාංකේය රක්ෂණ වෙළඳපල තුළ ඉතා විශිෂ්ඨ ජයග්‍රහන රැසක් ලබා ඇති අපි තව නොබෝ දිනකින් විජයග්‍රහනය කරා ලඟා වීමට නියමිතයි. ඒ අනුව 2024 අවුරුද්ද අපි විශාල වෙනසක් සමඟ විජයග්‍රහනයට යන්න බලාපොරොත්තු වෙනවා. එමෙන්ම 20 වන සංවත්සරය සමරන අද වැනි දවසක සිදු කිරීමට නියමිත සුවිශේෂිම කාරණයක් ලෙස අලුතින් “සිහින” හා “දිරිමඟ” ලෙස රක්ෂණ සැලසුම් දෙකක් හඳුන්වා දීම දැක්විය හැකි අතර 20 වසරක් මුළුල්ලේ සණස ලයිෆ් සන්නාමය සමඟ විශ්වාසයෙන් රැදී සිටි අපගේ පාරිභෝගික භවතුන්ට මෙන්ම සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය වෙනුවෙන් කැප වීමෙන් සේවය කළ ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ සිට සියලුම සේවකයින්ට මාගේ හෘදයාංගම ස්තූතිය පිරි නමන බවත්” පවසා සිටියේය.

“අහේතුක විපත් ආවරණ” නැමැති සමාන්‍ය ගැමි ජනතාවට මුහුණ පෑමට සිදුවන හදිසි අනතුරු වලදී සහනයක් ලබාදීමේ වැඩපිළිවෙලක් වශයෙන් 1991 ඔක්තෝබර් මස සමස්ථ ලංකා අන්‍යෝන්‍ය රක්ෂණ සංවිධානය ( All Lanka Mutual Assurance Organization) අල්මාඕ (ALMAO) නමින් මසකට රුපියල් 5 – 20 වැනි සුළු මුදලක් අයකරමින්, දැවැන්ත රක්ෂණායතනයකට මූලික අඩිතාලම දැමු සණස රක්ෂණ සමාගම 2003 වර්ෂයේ දී ජීවිත රක්ෂණ කටයුතු සදහා ද 2005 වර්ෂයේදී සාමාන්‍ය රක්ෂණ කටයුතු සදහා ද බලපත්‍ර හිමි කර ගනිමින් වර්තමානය වන විට රක්ෂණ ක්ෂේත්‍රයේ සීග්‍ර වර්ධනයක් ලබා සිටී.

මේ ආකාරයෙන් 20 වසරක අභිමානවත් ගමන්මඟකට උරුමකම් කියන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ (IASL) දත්ත අනුව 2023 වර්ෂයේ දෙවන කාර්තුවේදී සියලුම ජීවිත රක්ෂණ ආයතන අභිබවා 90% වර්ධන වේගයක් ලබා ගනිමින් ශ්‍රී ලාංකේය රක්ෂණ වෙළඳපල තුළ රක්ෂණ සමාගම් අතර 07 වන ස්ථානයද හිමිකරගෙන ඇත. එමෙන්ම Fastest Growing Life Insurance Company Sri Lanka 2021 and 2022″ Most Sustainable Micro Insurance Company, Best Life Insurance Covid – 19 Response Initiative, Silver Award 2022, Merit Award 2023, Sustainable Brand of the Year 2023, Best Strategies for Insurance Spreading – Special Recognition ඇතුළු දෙස් විදෙස් සම්මාන ගණනාවක් වසරක් පාසා අඛණ්ඩව දිනා ගැනීමට සණස ජීවිත රක්ෂණ සමාගමට හැකි විය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *