Press "Enter" to skip to content

කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක සැලැස්මක්.!

අද (31) දින කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200 ක් පමණ පිරිසක් යෙදවීමට සැලසුම්කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

2026 නව වසර සැමරීම සඳහා හෙට දිනයේ කොළඹ නගරය වෙත විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවද පොලීසිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් රථවාහන තදබදය අවම කර ගැනීම හා ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *