Press "Enter" to skip to content

ලංකාවේ පළමු වරට සත්ව තෙල් අඩංගු නැති මැජික් සොෆ්ට් Multichemi වෙතින් වෙළෙදපොළට

සුප්‍රසිද්ධ ඩෑෂ් සන්නාමයෙන් පරිසර හිතකාමී සහ ජෛව හායනයට ලක් වන සේදුම් දියර නිපදවන Multichemi සමාගම මැජික් සොෆ්ට් නමින් ශ්‍රී ලංකාවේ පළමු වරට සත්ව තෙල්වලින් තොර ෆැබ්රික් කන්ඩිෂනර් වර්ගය පසුගියදා කළුතර ටැංජරින් බීච් හෝටලයේදී උත්සවාකාරයෙන් එළි දැක්වීය.

පර්යේෂණ හා වැඩි දියුණු කිරීමේ කටයුතුවලින් පසුව වෙළෙඳපොළට හඳුන්වා දී ඇති මෙම ෆැබ්රික් කන්ඩිෂනර් වර්ගය නව්‍ය ගුණාංග රැසකින් සමන්විතය. සත්ව මේද රහිතව නිපදවා ඇති මෙම කන්ඩිෂනර් වර්ගය ඇඳුම්වලට ඉහළ මෘදු බවක් සැපයීම, දිගු කල් පවතින සුවඳක් ඇති කිරීම සහ සනීපාරක්ෂාව ඉහළ නැංවීම වැනි වාසි රැසක් ගෙන දෙයි. ඇඳුම් දුර්වර්ණ වීම වැළැක්වීම, ඇඳුම්වල රැළි අවම කිරීම, ඇඳුම්වල නව පෙනුම දිගු කාලයක් සුරැකීම හා ආරක්ෂා කිරීම සහ ඇඳුම් මැදීමට පහසු කිරීම මෙහි අනෙකුත් වාසි වේ.

ෆ්ලොරල් ෆ්‍රෙෂ් සහ ඇක්වා ෆ්‍රෙෂ් යන සුවඳ දෙකකින් වෙළෙඳපොළට එන Magic Soft ෆැබ්රික් කන්ඩිෂනර් මිලිලීටර් 800 බෝතල් ලෙස සහ මිලිලීටර් 200 නැවත පිරවීමේ පැකට් ලෙස මිල දී ගත හැකිය. Magic Soft මිලිලීටර් 20ක් වැනි සුළු ප්‍රමාණයක් ඇඳුම් 15කට ප්‍රමාණවත්ය.

1993දී ස්ථාපනය කළ Multichemi සමාගම ඩෑෂ් සන්නාමයෙන් ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව පරිසර හිතකාමී සහ ජෛව හායනයට ලක් වන සේදුම් දියර නිපදවන මෙරට විශාලම සමාගමකි. මිල්ලෑව කිඳෙල්පිටිය කර්මාන්තපුරයේ පිහිටි ඔවුන්ගේම කර්මාන්තශාලාවකට හිමිකම් කියන එම සමාගම ISO 9001 ජාත්‍යන්තර තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත. පාරිභෝගික තෘප්තිය සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ඔවුන් ආරම්භයේ පටන් දැඩි කැපවීමකින් කටයුතු කර ඇත.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *