කර්මාන්තපුර, කාර්මික ජනපද ආදිය පිහිටුවීමේදී ඒවා ආශ්‍රිතව ඇති විය හැකි ගිනි ගැනීම්වලට මුහුණදීම සඳහා අවධානය යොමු කිරීමකින් තොරව දිගින් දිගටම කටයුතු කර ඇති නිසා ඕනෑම කර්මාන්ත පුරයක් ආශ්‍රිතවම ගිනි ගැනීම් සිදුවිය හැකි බව ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“මේ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. දැනට මේ වෙනුවෙන් කළ හැක්කේ පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා කර ගිනි නිවන රථ ස්ථානගත කිරීමයි.
ඒකල පිහිටි කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 67ක් තිබෙනවා. එයින් එක් කර්මාන්ත ශාලාවක් වසර එකහමාරකට අධික කාලයක් ක්‍රියාත්මක තත්වයේ නෑ. එනිසා අදාළ කර්මාන්ත ශාලාව පිහිටි භූමිය නැවත පවරාගෙන වෙනත් අයකුට දීමට ඉඩම් පවරා ගැනීම් කටයුතු සිදු කරනවා.
ඒකල පිහිටි කර්මාන්ත ජනපදයේ කර්මාන්ත ශාලා 57ක් ක්‍රියාත්මකයි. එයින් මේ වන විට කර්මාන්ත ශාලා 56ක් ක්‍රියාත්මකයි. මේවා අතරින් 06ක් සම්පූර්ණ ඵලදායිතාවට ඇවිත් නෑ. අනෙක් 50ම පූර්ණ ඵලදායිතාවෙන් ක්‍රියාත්මකයි. එකක් පමණක් වසර එකහමාරකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක භාවයෙන් තොරයි. ඒ ආයතනය තමයි දැනට වසා දමා තිබෙන්නේ. ඒ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් දැනට ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. දැනට එම කර්මාන්ත ශාලාව ආරම්භ කරන්න කියලා අපි ඉල්ලීමක් කර තිබෙනවා. කර්මාන්ත ශාලා නැවත පටන් ගන්නවා කියලා දැනුම් දී තිබෙනවා. නමුත් දී තිබූ කාලරාමුව ඇතුළේ එය විවෘත කරන බවට පේන්නට නැති නිසා නීතිමය ක්‍රියාමාර්ග යටතේ ඒ භූමි ප්‍රමාණය කාර්මික සංවර්ධන මණ්ඩලයට පවරාගෙන වෙනත් අයකුට දෙනවා. වෙනත් ආයතනයකට දීම වෙනුවෙන් ඉඩම් නිදහස් කරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙනවා.
කර්මාන්තපුර ආරම්භ කිරීමේදී හදිසි ගිනි ගැනීම් සිදුවීම්වලට මුහුණදීම් වෙනුවෙන් අවධානයක් යොමු කිරීමකින් තොරවයි කටයුතු කර තිබෙන්නේ. මෙය බරපතළ තත්ත්වයක්. මේ අර්බුදය සෑම කර්මාන්ත පුරයකම තිබෙනවා. ජල කළමනාකරණය කර යම් ක්‍රමවේදයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. නමුත් දැනට කරන්නට සිදුව තිබෙන්නේ පළාත් පාලන ආයතනත් එක්ක සාකච්ඡා කර කර්මාන්ත පුරයට ආසන්න ස්ථානයකින් ගිනි නිවීම් රථයක් ස්ථානගත කිරීමයි.”






Be First to Comment