Press "Enter" to skip to content

අලුතින් නාය යන ඒවාට ලක්ෂ 50 දෙන්නේ නෑ…!

ඉදිරියේ දී සිදුවන නාය යෑම් සඳහා දිට්වා කුණාටුව නිසා ඇති වූ නාය යෑම් සඳහා මෙන් රු. ලක්ෂ 50 බැගින් වන්දි ලබා නොදෙන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

රජයේ සාමාන්‍ය ක්‍රමවේදය නාය යෑමක් සඳහා නිවසක් තනා ගැනීමට ලක්ෂ 12ක් ද ඉඩමක් සඳහා ලක්ෂ 4ක් ලබා දීම බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

දිට්වාට පස්සේ මේ දිනවල සිදුවන නාය යෑම් සඳහා ලක්ෂ 50 බැගින් ලබානොදෙන බවට ජනතාව දැනුම්වත් කළ යුතු බව ද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

එසේම මෙතෙක් නාය යෑමක් සඳහා ලබා දුන් ලක්ෂ 16 මුදල මෙවර අයවැයෙන් ලක්ෂ 25 දක්වා ඉහළ දමා ඇති බව ද හෙතෙම අවධාරණය කරයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *