Press "Enter" to skip to content

ඉතිහාසයේ වැඩිම කුඩු ඇල්ලුවේ ගිය වසරේ

අයිස් සහ හෙරො­යින් මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමා­ණ­යක් නීතියේ රැහැ­නට හසු කර ගත් වසර ලෙස 2025 මෙරට ඉති­හා­ස­යට එක් වෙයි.

පොලී­සිය, නාවික හමු­දාව ඇතුළු ආර­ක්ෂක අංශ 2025 වස­රේදී කළ වැට­ලී­ම්ව­ලින් හෙරො­යින් මත්ද්‍රව්‍ය කිලෝ 1821යි ග්‍රෑම් 174ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමා­ණය කිලෝ 3864ක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත්ව තිබේ. මේ මත්ද්‍ර­ව්‍ය­වල විථි වටි­නා­කම රුපි­යල් කෝටි 1000කට අධි­කය.

මෙයට පෙර වස­ර­කදී වැඩි­යෙන්ම හෙරො­යින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ 2019 වස­රේ­දීය. එම වස­රේදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇති හෙ‍ෙරා­යින් ප්‍රමා­ණය කිලෝ 1741යි ග්‍රෑම් 992කි. අයිස් මත්ද්‍රව්‍ය 2025 වස­රට පෙර වැඩි­යෙන්ම අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ 2024 වස­රේදී වන අතර, එම ප්‍රමා­ණය කිලෝ 1364යි ග්‍රෑම් 254කි.

2017 වස­රේදී මෙර­ටින් අයිස් මත්ද්‍රව්‍ය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ග්‍රෑම් 96ක් පමණි. අයිස් මත්ද්‍රව්‍ය වැට­ලීම් ක්‍රම‍යෙන් ඉහළ යන්නේ එම වසරේ සිටයි. ඊට පෙර වස­ර­වල අයිස් මත්ද්‍රව්‍ය අත්අ­ඩං­ගු­වට ගැනීම් වාර්තා නොවන තරම්ය. ඊට මුල්වන්නේ අයිස් මත්ද්‍රව්‍ය සම්බ­න්ධ­යෙන් නිසි ලෙස ක්‍රියා­ත්මක වීමට නීති­යක් මෙරට නොවී­මය. 2018 වස­රේදී කිලෝ 4කට ආසන්න ප්‍රමා­ණ­යක් ද, 2019 වස­රේදී කිලෝ 35කට වැඩි ප්‍රමා­ණ­යක් ද, 2020 වස­රේදී කිලෝ 91ක් ද වශ‍යෙන් අයිස් මත්ද්‍රව්‍ය අත්අ­ඩං­ගු­වට ගැනීම් සිදුව ඇතැයි අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ලයේ සංඛ්‍යා දත්ත­ව­ලින් අනා­ව­ර­ණය වේ. එම සංඛ්‍යා දත්ත­යන්ට අනුව 2021 වස­රේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 377ක් ද, 2022 වස­රේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 284ක් ද, 2023 වස­රේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 83ක් ද අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ දත්ත­ව­ලට අනුව 2001 වසර දක්වා හෙරො­යින් කිලෝ 100කට වැඩි ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගෙන නැත. 1999 වස­රේදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ හෙ‍ෙරා­යින් කිලෝ 68යි ග්‍රෑම් 500කි. 2000 දී කිලෝ 94ක් ද, 2001දී කිලෝ 102ක් ද, 2002දී කිලෝ 62ක් ද, 2003 දී කිලෝ 54ක් ද, 2004 දී කිලෝ 78ක් ද, 2005 දී කිලෝ 48ක් ද, 2006 දී කිලෝ 53ක් ද, 2007දී කිලෝ 07ක් ද, 2008 දී කිලෝ 11ක් ද, 2009දී කිලෝ 37ක් ද වශ‍යෙන් හෙරො­යින් අත්අ­ඩං­ගු­වට ගැනීම් සිදුව ඇත. 2010 වස­රේදී කිලෝ 132ක් ද, 2011 දී කිලෝ 39ක් ද, 2012 දී කිලෝ 33ක් ද වශ­යෙන් ඒ ඒ වස­ර­ව­ලදී හෙ‍රොයින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ දත්ත­යන්ට අනුව වැඩි ප්‍රමා­ණ­ව­ලින් හෙ‍ෙරා­යින් අත්අ­ඩං­ගු­වට ගැනීම් සිදු­වන්නේ 2013 වස­රින් පසු­වයි. එම වස­රේදී කිලෝ 350ක් හෙ‍ෙරා­යින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ඒ වන විට ඉති­හාස‍යේ වැඩිම හෙරො­යින් ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගැනීම් සනි­ටු­හන් කර­මිනි. 2014දී කිලෝ 312ක් ද, 2015දී කිලෝ 46ක් ද, 2016 දී කිලෝ 206ක් ද, 2017 දී කිලෝ 314ක් ද, 2018 දී කිලෝ 37ක් ද වශ­යෙන් හෙ‍ෙරා­යින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

වස­ර­කදී මෙර­ටින් අත්අ­ඩං­ගු­වට ගන්නා හෙරො­යින් ප්‍රමා­ණය 1000 ඉල­ක්කම පසු­ක­රන්නේ 2019 වසරේ සිටයි. එම වසරේ අත්අ­ඩං­ගු­වට ගත් සමස්ත හෙරො­යින් ප්‍රමා­ණය කිලෝ 1742කි. 2020දී කිලෝ 1251ක් ද, 2021දී කිලෝ 1630ක් ද, 2022 දී කිලෝ 1677ක් ද, 2023දී කිලෝ 851ක් ද, 2024දී කිලෝ 832ක් ද වශ­යෙන් හෙරො­යින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි සංඛ්‍යා දත්ත­ව­ලින් පෙනී යයි.

2025 වස­රේදී ගංජා කිලෝ 17,189ක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නීති­වේදී උදය කුමාර වුට්ලර් මහතා පැව­සීය. 2024දී ගංජා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ කිලෝ 8359කි. 2023දී එම ප්‍රමා­ණය කිලෝ 10,2020කි. මෙරට ඉති­හා­ස‍ෙය් වැඩි­යෙන්ම ගංජා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ 2011 වස­රේ­දීය. එම ගණන කිලෝ 203,500කි.

2025 වස­රේදී මත්ක­රල් ලක්ෂ 40ක් ද අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක, සහ­කාර පොලිස් අධි­කාරී නීති­වේදී උදය කුමාර වුට්ලර් මහතා සඳ­හන් කරයි.

ගයාන් කුමාර වීර­සිංහ

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *