Press "Enter" to skip to content

‘දිට්වා’ නිසා වසා දැමූ රිවස්ටන් යළි විවෘතයි

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් වෙත (01) සිට යළි විවෘත කර ඇත.

රිවස්ටන් සංචාරක කලාපය වෙත මාතලේ රත්තොට දෙසින් හා ලග්ගල දෙසින් ගමන් කිරීමට තිබූ මාර්ග දැඩි ලෙස අබලන් වී තිබූ අතර, එම මාර්ග මාස 2ක් වැනි කෙටි කාලයක් තුළ යළි ප්‍රතිසංස්කරණය කිරීමට හැකිව තිබේ.

ඒ අනුව සැහැල්ලු වාහනවලට පමණක් එම මාර්ග තුළින් ගමන්කර රිවස්ටන් සංචාරක කලාපය වෙත ඇතුළුවීමට හැකියාව පවතී.

මෙම මාර්ග හරහා පොදු ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරීමද සිදුවන අතර, දෙස් විදෙස් සංචාරකින් හට එම ප්‍රවාහන පහසුකම් ලබා ගනිමින්ද රිවස්ටන් සංචාරක කලාපයේ සොබා දහම අත්විඳීමට හැකියාව ඇත.

ඒ අනුව අතිසංවේදී ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් වෙත පැමිණෙන සංචාරකයින්, වගකීම් සහිතව සැහැල්ලු වාහන පමණක් භාවිතා කරමින් පාරිසරික පද්ධතියට හානි නොකර ස්ථානීය උපදෙස්වලට අනුකූලව කටයුතු කරන මෙන් බලධාරින් ඉල්ලා සිටී.

දැඩි ලෙස විනාශ වී තිබූ මාර්ග පද්ධතිය මාර්ග සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රත්තොට හා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා ඇතුළු ස්වෙච්ඡා සංවිධානවල මැදිහත්වීම මත කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට හැකිව ඇත.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *