Press "Enter" to skip to content

කෙහෙ­ල්බ­ද්දර පද්මෙ දැක­ලත් නෑ: ඒත් තාත්ත ගැන දන්නවා

ඉන්දු­නී­සි­යාවේ සිට අල්ලා­ගෙන මෙර­ටට රැගෙන ආ පාතාලේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වකු වන කෙහෙ­ල්බ­ද්දර පද්මේ සම්බ­න්ධ­යෙන් කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව හිටපු ඇමැ­ති­ව­ර­යෙක් වන ප්‍රසන්න රණ­තුංග මහ­තා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඊයේ (02) ප්‍රශ්න කර තිබුණි.

කෙහෙ­ල්බ­ද්දර පද්මේ සමඟ ඇති සම්බ­න්ධ­කම් ගැන එහි දී ප්‍රසන්න රණ­තුංග මහ­තා­ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කළේය. ඒ කෙහෙ­ල්බ­ද්දර පද්‍මේ විසින් කළ ප්‍රකා­ශ­යක් පද­නම් කර­ගෙ­නය.

“කෙහෙ­ල්බ­ද්දර පද්මේ කියන්නේ ම‍ගේ ගමේ කෙනෙක්. දේශ­පා­ල­නික වශ­යෙන් අපෙත් එක්ක සම්බන්ධ වෙලා කට­යුතු කළාද කියල අහ­න්නයි සී.අයි.ඩී.ය මාව කැඳ­වල තිබුණේ. එයාගේ තාත්ත මාත් එක්ක සම්බ­න්ධයි. කෙහෙ­ල්බ­ද්දර පද්මේ ලොකු­වට සම්බන්ධ නැහැ” යැයි ප්‍රසන්න රණ­තුංග මහතා ප්‍රකාශ ලබා­දී­මෙන් අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පිට­තට පැමිණ මාධ්‍ය හමුවේ සඳ­හන් කළේය.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ මහ­තාව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට අද (03) කැඳවා ඇත්තේ මේ සම්බ­න්ධ­යෙන්ම ප්‍රශ්න කිරී­ම­ටය.

කෙහෙ­ල්බ­ද්දර පද්මේ සමඟ සම්බ­න්ධ­කම් පැවත්වූ බව කියැ­වෙන නිරූ­පි­කා­වන් කිහිප දෙන­කු­ගෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අවස්ථා ගණ­නා­ව­ක­දීම ප්‍රශ්න කර තිබුණි.

ගයාන් කුමාර වීර­සිංහ

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *