Press "Enter" to skip to content

ගුරු සංව­ර්ධන නිල­ධා­රීන්ගේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් පෙනී සිටි­නවා

ගුරු සංව­ර්ධන නිල­ධා­රීන්ගේ ගැට­ලුව අලුත් මාතෘ­කා­වක් නොවන බවත්, ඔවුන්ගේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් විප­ක්ෂය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය ඉදි­රි­පිට උප­වා­ස­යක නිර­තව සිටින ගුරු සංව­ර්ධන නිල­ධා­රීන් හමු­වී­මට ගිය අව­ස්ථා­වේ­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ ගැට­ලුව ආංශික අධී­ක්ෂණ කාරක සභා­වට පවා ගෙන­ගිය බර­ප­තළ ගැට­ලු­වක්. මේ උපා­ධි­ධාරි සංව­ර්ධන නිල­ධා­රීන් වසර ගණ­නා­වක් ගුරු සේවයේ හිටියා. කොරෝනා සමයේ මොවුන් ගුරු හිඟය මඟ­හ­රවා ගන්න කට­යුතු කළා. එදා 22,000ක් සිටි­යත් අද එය 16,000කට අඩුවී තිබෙ­නවා. මොවුන්ට මාරා­න්තික උප­වාස තියන්න අවශ්‍ය නෑ. මොවුන්ට රැකියා දෙන්න හැකි­යාව පව­ති­නවා. මොවුන් අතර නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­ව­රුන් පවා සිටින නිසා මොවුන් බඳවා ගත හැකියි.

මේ ගුරු සංව­ර්ධන නිල­ධා­රීන් රට වෙනු­වෙන්, නිද­හස් අධ්‍යා­ප­නය වෙනු­වෙන් දැවැන්ත කැප­කි­රී­මක් සිදු කර තිබෙ­නවා. එනිසා මොවුන් රව­ටන්නේ නැතිව දැන්වත් පොරොන්දු වූ ආකා­ර­යට රැකියා දෙන්න. සමගි ජන බල­වේ­ගය බල­යට පැමි­ණි­යොත් මේ ගැට­ලුව කඩි­න­මින් විස­ඳ­නවා. රජයේ වග­කීම වන්නේ පොරොන්දු ක්‍රියා­ත්මක කිරී­මයි. බල­යට පැමිණි පසු පොරොන්දු කඩ කිරීම අනු­මත කළ නොහැ­කියි. එම නිසා මේ ගැට­ලුව කඩි­න­මින් විස­ඳන්න කියලා අපි රජ­යෙන් ඉල්ලා සිටි­නවා. එහෙම නොවු­ණොත් අපි මොවුන් සමඟ එක්ව සටන් කර­නවා.”

රක්ෂණ ශ්‍රියන්ත

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *