Press "Enter" to skip to content

වෛද්‍යවරුන් රැසක් සේවය හැර ගිහින්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හය දෙනකු වසර දෙකේ සහ වසර පහේ නිවාඩු ලබා ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවු දෙනකු රට හැර යෑම නිසා එම ඒකකය පසුගියදා වසා දැමූ අතර, ප්‍රතිකාර ලැබූ ළමා රෝගීන් වෙනත් වාට්ටුවලට මාරු කර ඇත.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද අහිමි වි තිබේ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ දුලාන් සමරවීර මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් ගිය බවත්, තවත් වෛද්‍යවරුන් පිරිසක් පිටව ගොස් ඇති නමුත් ගණන කොපමණද යන්න කිව නොහැකි බවත්ය.

මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයේ 63 වාට්ටුවේ පැන නැගී ඇති වෛද්‍ය හිඟය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් දැනුවත්ව සිටින බවත්, එම ගැටලුවලට තවම විසඳුමක් නැති බවත් ඔහු කීවේය.

ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනකු නිවාඩු ලබා විදේශගත වීම කවදත් සිදුවන දෙයක් බව කී අධ්‍යක්‍ෂවරයා එය රාජකාරි ස්වභාවයක් බවද කීවේය.

සේවය අතහැර විදෙස්ගත වූ වෛද්‍යවරුන් වෙනුවෙන් කිහිපදෙනකු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් යොමු කර ඇති බවත් මෙලෙස වෛද්‍යවරුන් විදෙස්ගත වීම නිසා රෝගීන්ට විශාල බලපෑමක් එල්ල වී නැති බවත් ඔහු සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *