Press "Enter" to skip to content

SLT-MOBITEL mTunes වෙතින් Be a Millionaire නමින් ප්‍රවර්ධන වැඩසටහනක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය mTunes සේවාව හරහා ‘Be a Millionaire’ නමින් නවතම ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

‘mTunes’ යනු Caller Ring Back Tone (CRBT) සඳහා තමන් කැමති ගීත හෝ සංගීත නිර්මාණ භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙන ඩිජිටල් ජීවන රටා සේවාවකි.මේ වනවිට SLT-MOBITEL mTunes සේවාවට ගීත විශාල සංඛ්‍යාවක් ඇතුළත්කර ඇත.

‘Be a Millionaire’ ප්‍රවර්ධන වැඩසටහන 2023 සැප්තැම්බර් මස පළවන දින සිට නොවැම්බර් මස තිස්වන දින දක්වා ක්‍රියාත්මක වේ. මෙහි පළමු ත්‍යාගය රු. මිලියනයක් (රු. 1,000,000) වන අතර, දෙවැනි හා තෙවැනි ත්‍යාග සඳහා පිළිවෙළින් රු. 100,000 සහ රු. 50,000 බැගින් පිරිනැමීමට කටයුතු යොදා ඇත. මෙම ප්‍රධාන ත්‍යාගවලට අමතරව සතිපතා එක් වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට රු. 10,0000 බැගින් පිරිනැමීමට සැලසුම්කර ඇති අතර, ඒ අනුව වැඩසටහන ක්‍රියාත්මකවන කාලය තුළ සතිපතා ජයග්‍රාහකයන් 12 දෙනෙකු බිහිවනු ඇත.

තරගය සඳහා සුදුසුකම් ලැබීම සඳහා පාරිභෝගිකයන් කළ යුතු වන්නේ, ප්‍රවර්ධන කාලසීමාව තුළ mTunes ගීත වැඩි වැඩියෙන් සක්‍රීය කරගැනීම පමණි. මේ ඔස්සේ ඔවුන්ට සතිපතා මෙන්ම අවසාන මහා දිනුම් ඇදීම මගින් වටිනා මුදල් ත්‍යාග දිනාගැනීමට හැකි වනු ඇත.

දිනපතා වැඩි වැඩියෙන් mTunes සක්‍රීය කරගන්නා පාරිභෝගිකයන්ට වැඩි වැඩියෙන් දිනුම් අවස්ථා හිමි වේ. mTunes යනු සංගීත රසාස්වාදය සමග සතුට හා විනෝදය අත්විඳීමට SLT-MOBITEL පාරිභෝගිකයන්ට ලැබෙන අගනා අවස්ථාවකි.

වැඩිදුර තොරතුරු සඳහා 777 අංකයෙන් mTunes හා සම්බන්ධ වන්න. නැතිනම් mtunes.mobitel.lk වෙත පිවිසෙන්න.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *