Press "Enter" to skip to content

පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ හොර වෙදා මාට්ටු

වෙද නලාව දමාගෙන වෛද්‍යවරයෙ ලෙස හඳුන්වා රට රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

සැකකරු සමග වෙද නලාවක් සහ “ඩොක්ටර් “යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් වෛද්‍යවරුන් අඳින නිළ ඇඳුමක්, වෛද්‍යවරුන් පරිහරණය කරන විවිධ ලෙඩ රෝග සම්බන්ධයෙන් මුද්‍රිත පොත් පත් කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

ජැන්ඩියට හැඳ පැළඳ වෙද නලාව කර වට දමාගෙන ජාතික රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පරිශ්‍රය තුල සැරිසරා ඇති සැකකරු බිරිඳගේ නමට ඕස්ට්‍රේලියාවේ තිබෙන ඇපල් වත්තේ පුද්ගලයන් දෙතුන් දෙනකුට රැකියා අවස්ථාව තිබෙන බව රෝගීන් බැලීමට රෝහලට පැමිණෙන පුද්ගලයන්ට පවසා ඔවුන් මුළා කොට මෙම වංචාව දීර්ඝ කාලයක සිට සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත .

ඒ සඳහා රෝහලේ සේවකයන් ඕන තරම් ගත හැකි බවත් දුප්පත් මිනිස්සුන්ට අවස්ථාව ලබා දීම තමන්ගේ ඒකායන අරමුණ බැවින් ලිපි ලේඛනවලට පමණක් මුදල් ලබා දීමෙන් අනතුරුව විදේශ ගත කළ හැකි බව පුද්ගලයන් සමඟ සැකකරු වැඩිදුරටත් පවසා තිබූ බව පොලිසිය කියයි’

සැකකරුගේ වෛද්‍ය තනතුරට මෙන්ම ඔහුගේ කතා විලාසයට රැවටෙන පුද්ගලයන් රැසක් විදේශගත වීමේ බලාපොරොත්තුව ඔහුට මුදල් ලබා දී ඇති බවද පොලිසිය කියයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *