Press "Enter" to skip to content

ලාංකික කත ඝාතනය කළාට දිවි ඇති තෙක් හිරේ

කැනඩාවේ ස්කාර්බරෝ ප්‍රදේශයේදී 2019 වසරේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මන්නයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් පසුගියදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇත්තේ 45 හැවිරිදි සසිකරන් තනපලසිංගම් නම් පුද්ගලයෙකුටය.සසිකරන්ගේ බිරිඳ තර්ශිකා ජෙගනාතන් ශ්‍රී ලාංකික කාන්තාවක් වූ අතර දෙදෙනා ඉන්දියාවේදී විවාහ වී ඇත.අනතුරුව තර්ශිකා 2017 වසරේදී සසිකරන් සමඟ ජීවත්වීමට කැනඩාවට පැමිණ තිබේ.

මීට වසර හතරකට පෙර සසිකරන්, සිය බිරිඳ වූ 27 හැවිරිදි තර්ශිකා ජෙගනාතන් ස්කාර්බරෝ ප්‍රදේශයේදී බසයෙන් බැස නිවස බලා ගමන් කරමින් සිටියදී මන්නයකින් පහර දී අමු අමුවේ ඝාතනය කරන අයුරු සී.සී.ටී.වී දර්ශනවල පටිගත වී තිබීම හේතුවෙන් එම ඝාතනය අධිකරණයේදී සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට හැකි වී තිබිණ.

තර්ශිකා ඝාතනය වන අවස්ථාවේ සසිකරන්ගෙන් වෙන් වීමට දික්කසාද නඩුවක්ද ගොනු කර තිබී ඇත.සසිකරන්ද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු බව කැනඩා පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබිණ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *