Press "Enter" to skip to content

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා වූ ගමන ආරම්භකොට ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

නියමිත වේලාවට ණය සහන ලැබීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සතුටුදායක ලෙස ඇරැඹී තිබීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ගමන දැන් ආරම්භ වී ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ නවතම වාර්තාවක් සඳහන් කරයි.

ආසියානු සංවර්ධන බැංකුවේ නවතම අනාවැකියට අනුව වසර 2022දී දකුණු ආසියානු කලාපය 6.4%කට වඩා වර්ධන වේගයක් සිදු වුවද එය මේ වසරේදී 5.5%කින් වර්ධනයක් වනු ඇතැයි ද සඳහන්කොට ඇත.එවන් වටාපිටාවක ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේදී 4.8%ක් ලෙස වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇතත් එය 4.2%ක් දක්වා මට්ටමකට ළඟා වීමට උත්සාහ දරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව අර්බුදවලින් ගොඩඒමට සිදුකරනු ලැබූ ප්‍රතිසංස්කරණ සහ ස්ථාවර වූ ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම තුළ ඍණාත්මක තත්ත්වයෙන් මිදී ධනාත්මක තත්ත්වයක් කරා ශ්‍රී ලංකාවට ප්‍රවේශ විය හැකි බව ද ඔහු සඳහන් කරයි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *