Press "Enter" to skip to content

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සිය රක්ෂණ සහකරු ලෙස සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හා අත්වැල් බැඳගනි

රට ගොඩනැගීමට අනුපමේය දායකත්වයක් දක්වන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත සේවකයන්ගේ ආරක්ෂාව උදෙසාම, දිවයිනේ ජීවිත රක්ෂණ සමාගම් අතර ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම විසින් ‘සමූහ ජීවිත රක්ෂණ’ සැලැස්මක් හඳුන්වා දී ඇත.

මේ වන විටත් පෞද්ගලික අංශය ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සංස්ථා මණ්ඩලයන්වල සේවය කරන විසිඑක් දහසකට අධික සේවකයන් ප්‍රමාණයක් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම විසින් හඳුන්වා දුන් මෙම ‘සමූහ ජීවිත රක්ෂණාවරණ’ සැලසුම ලබාගෙන ඇති අතර එහි තවත් එක් ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකාවේ විශාලතම වැඩකරන ජනතාවක් නියෝජනය කරන සහ සාමාජිකත්වය දරණ ‘ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ද තම සාමාජිකයන් තිස්දහසක් වෙනුවෙන් සණස සමූහ ජීවිත රක්ෂණාවරණය ලබාගැනීම සඳහා ගිවිසුම් ගත වී ඇත.

මේ සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ගිවිසුම අත්සන් කරන ලදි.

දිවයිනේ සීග්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ඇතුළුව දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ගනිමින් පාරිභෝගික සේවයේ ඉහළින්ම වැජඹෙන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම 20 වසරක් පුරා සිය විශ්වාසය ශ්‍රී ලංකේය ජනතාව අතර නොකඩවා තහවුරු කර ශක්තිමත් ව්‍යාපාර වපසරියක් පවත්වාගෙන යමින් ප්‍රජා සත්කාරක වැඩසටහන් ගණනාවක් දිවයින පුරා දියත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය විශ්වාසනීය ප්‍රතිලාභ හා සේවා සපයන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වමින් ක්‍රියාත්මක වේ. දිවයින පුරා විිසිරුණු ශාඛා 100කට ආසන්න සංඛ්‍යාවකින් ආවරණය කරමින් රක්ෂණ වෙළඳපොළ තුළ දැවැන්ත රක්ෂණ සමාගමක් ලෙස සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය තම වගකීම ඉටු කරමින් සිටි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *