Press "Enter" to skip to content

ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිළිබඳ තීරණයක්

ග්‍රාම නිලධාරි පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනමින්කර එළැඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

මේවනවිට අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන්ගෙන් සුදුසුකම්ලත් අයවලුන් සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් 2023 දෙසැම්බර් 02 වැනිදා විභාගයක් පවත්වා එයින් සමත්වන 2,238 දෙනෙකුහට ග්‍රාම නිලධාරී තනතුරු ලබාදීමට බලාපොරොතුවේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *