Press "Enter" to skip to content

ජපානයේ සේවකයින්ට ලොකු වැටුප් වර්ධකයක්

වසර විසි පහකට පසුව සිය සේවකයින්ට දැනෙන වැටුප් වැඩිවීමක් ලබාදීමට ටොයෝටා මෝටර් සමාගම එකඟ වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ජපානයේ ප්‍රමුඛ සමාගම් වන ටොයෝටා, පැනසොනික් සහ නිසාන් සමාගම් ද වැටුප් වැඩිකරන ලෙස සිය සේවක වෘත්තීය සමිති කළ ඉල්ලීම් සඳහා සම්පූර්ණ එකඟත්වය ලබාදී තිබේ.

එසේම නිපොන් ස්ටීල් සමාගම ද සිය සේවක වැටුප සැලකිය යුතු ලෙස වැඩිකර තිබුණි.

අදාළ පාර්ශ්වයන් අතර වැටුප් සම්බන්ධයෙන් පැවැත්වෙන වාර්ෂික සාකච්ඡා සාර්ථකව නිමවූ බව සඳහන් ය.

සාමාන්‍යයෙන් ජපානයේ වෘත්තීය සමිති සහ කළමනාකරණය අතර හොඳ වැටහීමක් ඇති බැවින් එම සාකච්ඡා සැමවිට අර්බුදයකින් තොරව නිමවෙයි.

මෝටර් රථ නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා වන ටොයෝටා සමාගම සේවක මාසික වැටුප යෙන් 28,440කින් වැඩිකිරීමට එකඟ වී තිබේ.

ජපානයේ බොහෝ ක්ෂේත්‍රවල සේවකයින්ට මෙවර ඉහළ වැටුප් වර්ධකයක් ලබාදී ඇති බව වාර්තා විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *