Press "Enter" to skip to content

ජපානයේ භූ කම්පනයෙන් දහස් ගණනක් නිවාස අතහැර යයි

ජපානයේ ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ (08) ඊසාන දිග ජපානයේ අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින් රික්ටර් මාපකයේ 7.5ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයන් හටගත් අතර භූ කම්පනයක් සමග ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් සෙන්ටිමීටර් 70ක පමණ උසකින් මුහුදු රළ ගොඩබිමට පැමිණ ඇති බව වාර්තා වේ.

සුනාමියෙන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුව නොමැති අතර භූකම්පනය හේතුවෙන් එම ප්‍රදේශයේ දහස් ගණනක් ජනතාව නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *