Press "Enter" to skip to content

අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ ඉහළට

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ සහ වෝල් ස්ට්‍රීට් මූල්‍ය වෙළෙඳපොළ මෙවැනි ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත්තේ වසර අටකට පසුව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එමෙන්ම ඩිජිටල් මුදල් ඒකකයක් ලෙස සැලකෙන ‘බිට්කොයින්’ මුදල් ඒකකය ද ඉතිහාසයේ පළමු වතාවට වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

මීට අමතරව ස්ටර්ලින් පවුම්, යුරෝ සහ ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය 1.65% කින් ඉහළ ගිය බවද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *