Press "Enter" to skip to content

ලාහෝර් නුවර වායු දූෂණය ඉහළට

පාකිස්තානයේ ලාහෝර් නුවර වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සති ගණනාවක් පුරා ලාහෝර් නුවර වාතයේ ගුණාත්මකභාවය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇතැයි ද, එම තත්ත්වය නුවරවාසීන්ට අනතුරදායක පසුබිමක් නිර්මාණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්තානයේ ‘ජියෝ නිවුස්’ පුවත් සේවය සඳහන් කර ඇත්තේ ලාහෝරය පමණක් නොව මුල්ටාන්, ගුජරන්වාලා වැනි පළාත්වල ද වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බවය. පවතින වායු දූෂණය හේතුවෙන් ශ්වසන අපහසුතාවලට ගොදුරු වූ පුද්ගලයන් රෝහල්ගතවීම් වැඩි වී ඇති බවත්, පවතින ආර්ථක ගැටලු හමුවේ එදිනෙදා ජීවනෝපාය සඳහා අවදානම නොතකා ජනතාව නගරයට පැමිණෙමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වුවද නිවෙසින් බැහැරව යන්නේ නම් මුඛ ආවරණ පලඳින ලෙස වෛද්‍යවරු නගරවාසීන්ට උපදෙස් දී ඇති අතර, කුඩා දරුවන් නිවෙස තුළ රඳවා ගැනීමට පියවර ගන්නා ලෙසත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *