Press "Enter" to skip to content

ධවල මන්දිරයේ ළාබාලතම මාධ්‍ය ලේකම් කැරොලින්

අමෙරිකානු ඉතිහාසයේ ළාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස 27 හැවිරිදි කැරොලින් ලේවිට් පත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී ඇය ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කාර්යාලයේ සේවය කර ඇතැයි ද, මෙවර ජනාධිපති ප්‍රචාරක මෙහෙයුමේදී ප්‍රකාශිකාව ලෙස කටයුතු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයෙන් දේශපාලනයට එක්වූ මේ ළාබාල තරුණිය එම ප්‍රාන්තයේ සාන්ත ඇන්ස්ලම් උසස් විදුහලේ සන්නිවේදනය හා දේශපාලන විද්‍යාව හදාරා ඇති බවත්, 2019 දී ජනාධිපතිවරයාගේ දේශන රචිකාව ලෙස කටයුතු කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *