Press "Enter" to skip to content

ගෝලීය සංවර්ධනයට ‘එක් තීරයක් එක් මාවතක්’ ඉහළින්ම ක්‍රියාත්මක කරනවා

ගෝලීය සංවර්ධනය වෙනුවෙන් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ක්‍රියාත්මක කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 19 වැනි ජී -20 සමුළුවට සහභාගි වී “කුසගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම” යන ප්‍රධාන තේමාව යටතේ පැවැති සාකච්ඡාවේදී පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම යන මැයෙන් පැවැත්වූ දේශනයේදී ඉහත කරුණු අනාවරණය කර තිබේ.

පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම සඳහා, වෙළඳාම, සංවර්ධනය හා සහයෝගීතාවය යනාදී ක්ෂේත්‍රවල සම්පත් ආයෝජනය වැඩි කළ යුතු බවත් දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය වැනි අභියෝගවලට නිසි ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බවත් චීන ජනාධිපතිවරයා පවසා තිබේ.

ෂී ජින් පිං මහතා මෙහිදී චීනය ගෝලීය සංවර්ධනයට සහාය දැක්වීමේ පියවර 8 ක් ප්‍රකාශ කර තිබේ. චීනය ඉදිරිපත් කළ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සෙසු රටවල් සමග එක්ව ක්‍රියාත්මක කිරීම, සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාව තුරන් කිරීම, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජගත් සහයෝගිතාව සඳහා චීනය අඛණ්ඩව සහාය ලබා දීම ඇතුළු කරුණු ඊට ඇතුළත් වේ.

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ අගනුවර දී මෙම සමුළුව පැවැත්වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *