Press "Enter" to skip to content

ජෝ බයිඩන් සිය පුත්‍රයා ට ජනාධිපති සමාව දෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය පුත්‍රයා වන හන්ටර් බයිඩන් ට සමාව දෙමින් නිල නිවේදනය නිකුත්කර තිබේ.

ඔහු අවි අවභාවිතය සහ බදු පැහැරහැරීමේ චෝදනාවලට වරදකරු වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමේ නියෝගය මේ මස නිකුත් කිරීමට නියමිතව තිබුණි.

නමුත් මීට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණේ ඔහු සිය පුත්‍රයාට ජනාධිපති සමාව ලබා නොදෙන බවයි.

එහෙත් ඊයේ (01) සවස ජනපති ජෝ බයිඩන් පැවසුවේ තමා අමෙරිකානු යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විශ්වාස කළද සිය පුත්‍රයාට එරෙහි නඩු විභාගය දේශපාලන බලපෑම්වලින් පිරී තිබුණු බවයි.

හන්ටර් බයිඩන්, බදු චෝදනා සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී වරද පිළිගත් අතර පසුගිය ජූනි මාසයේදී තහනම් මත්ද්‍රව්‍ය භාවිත කරමින් ගිනිඅවියක් තබා ගැනීම සම්බන්ධයෙන්ද අධිකරණයෙන් වැරදිකරු විය.

සිය පුත්‍රයාට සමාව දෙමින් නියෝගයක් නිකුත් කිරීමට ජෝ බයිඩන් ගත් තීරණය විවේචනය කරමින් මීළඟ ජනපති ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, ජෝ බයිඩන් විසින් යුක්තිය අවභාවිත කර ඇති බවයි.

හන්ටර් බයිඩන්ගේ සිද්ධිය ධුරයේ කටයුතු කරමින් සිටි අමෙරිකානු ජනාධිපතිවරයෙක් ගේ දරුවෙක්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව ලෙස සැලකෙයි.

More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *