Press "Enter" to skip to content

මැලේසියාවට හා තායිලන්තයටත් ගංවතුර බලපෑම්

දශක ගණනාවකට පසු මැලේසියාවට සහ තායිලන්තයට බලපෑ අධිකතම වර්ෂාපතනය හේතුවෙන් උද්ගත වූ ගංවතුරට හසුවීමෙන් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු මැලේසියාවේ සහ දකුණු තායිලන්තයේ ලක්ෂයකට වැඩි ජනතාව අවදානම් පළාත්වලින් ඉවත් කර ඇති අතර, තද වැසි සහ කුණාටු තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අවතැන් වූ ජනතාව මුදා ගැනීම සඳහා හදිසි සේවා නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවා ඇතැයි ද වාර්තා වේ.

දෙරටේම නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බවත්, රෝහල් කිහිපයකට ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ගංවතුර හේතුවෙන් තායිලන්තයේ පළාත් 6ක ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *