ලොව ප්‍රථම වරට ලිංගික ශ්‍රමිකයන් හට අසනීප නිවාඩු හා මාතෘ නිවාඩු සහිත විධිමත් රැකියා කොන්ත්‍රාත්තු හිමි කරගැනීමට අවස්ථාව සැලසෙන ඓතිහාසික නීතියක් ක්‍රියාත්මක කිරීමට බෙල්ජියම විසින් ඉකුත් ඉරිදා (01) පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම නීතිය බෙල්ජියම රජය විසින් සම්මත කරගෙන ඇත්තේ ඉකුත් මැයි මාසයේදී වන අතර ඒ යටතේ බෙල්ජියමේ ලිංගික ශ්‍රමිකයන්ට ද එවැනි රැකියා කොන්ත්‍රාත්තුවකට අත්සන් කළ විට වෙනත් කර්මාන්තවල සේවය කරන කම්කරුවන්ට හිමිවන සෞඛ්‍ය රක්ෂණය, විරැකියා ප්‍රතිලාභ වැනි වෙනත් අයිතිවාසිකම් හා ආරක්ෂණයන් සමූහයක් හිමිකරගත හැකි බව බලධාරීහු පවසති.
මෙම නව නීතිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බෙල්ජියම් ලිංගික ශ්‍රමිකයන්ගේ සංගමයේ අධ්‍යක්ෂක ඩාන් බවුවේන්ස් පවසා ඇත්තේ අනෙකුත් සේවකයන් හා සමාන අයිතිවාසිකම් ලිංගික ශ්‍රමිකයන්ට ද ලබා දෙන මෙම නීතිය එම ශ්‍රමිකයන් වෙනුවෙන් ලොව ක්‍රියාත්මක වන ප්‍රථම එවැනි නීතිය බවයි.
Be First to Comment