ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මාස 14ක කාලයක් මුළුල්ලේ ගාසා තීරයේ පවතින යුද්ධය මධ්‍යයේ සිය සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායලයේ සිට පැහැරගෙන පැමිණි ප්‍රාණ ඇපකරුවන් 33 දෙනකු ඝාතනය වී ඇති බව හමාස් සංවිධානය විසින් ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද මෙසේ ඝාතනය වී ඇති ප්‍රාණ ඇපකරුවන් කුමන ජාතිකයන්ද යන්න හමාස් සංවිධානය විසින් අනාවරණය කර නොමැති අතර ඉතිරි ප්‍රාණ ඇපකරුවන් අතුරුදන්ව ඇති බව සඳහන් කර තිබේ.
ඊශ්‍රායලය වෙත නිවේදනයක් නිකුත් කර ඇති හමාස් සංවිධානය ‘ඔබලාගේ පිස්සු යුද්ධය තවදුරටත් පවත්වාගෙන යෑමෙන් ඔබලාට ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන් පිරිස ද සදහටම නැති විය හැකිය. එබැවින් තවත් ප්‍රමාද වීමට පෙර ඔබලා විසින් කළ යුතු දේ කරන්න’ යැයි පවසා තිබේ. හමාස් සංවිධානය විසින් අදාළ නිවේදනය නිකුත් කිරීමෙන් සුළු වේලාවකට පසුව වීඩියෝ පටයක් මුදා හැර ඇති අතර ඉන් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් පිරිස ඝාතනයට ලක් වූයේ කවදාද හා කෙසේද යන්න පිළිබඳව විස්තරාත්මකව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම ප්‍රාණ ඇපකරුවන්ගේ ඉරණම සම්බන්ධයෙන් හමාස් සංවිධානය විසින් දෝෂාරෝපණය එල්ල කර ඇත්තේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙටන්යාහු වෙතය. මේ අතර හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයෙන් පැහැරගෙන ගොස් ඇති ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව කිසිවක් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ
Be First to Comment