Press "Enter" to skip to content

යුධ නීතිය පැනවීමට උත්සාහ කළ දකුණු කොරියානු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කළ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් ඊයේ(03) රටම කම්පනයට පත් කළේය.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය දැඩි තීරණය රූපවාහිනිය තුළින් නිවේදනය කළේය.

“රාජ්‍ය විරෝධී බලවේග” සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනය ගැන ද ඔහු එහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත්, එයට විරෝධය දැක්වීම සඳහා දහස් ගණන් ජනතාව පාර්ලිමේන්තුවට රැස් කිරීමට පෙළඹවූ අතර අද අලුයම් කාලයේ රැස්වූ එරට පාර්ලිමේන්තුව ඒකමතිකව, හමුදා නීතියට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කළේය.

ඊට මන්ත්‍රීවරුන් 190 දෙනෙකු ඇතුළත්.

විදෙස් මාධ්‍ය පැවසුවේ, එම තත්ත්වය තුළ ජනාධිපතිවරයාට සිය තීන්දුව හකුලා ගැනීමට සිදු වූ බවයි.

මේ අතර, අද දහවල්, විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

ඒ අනුව ඉදිරි පැය 72 තුළ, අදාල යෝජනාව විවාදයට ගෙන ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ එම ක්‍රියා කලාපය මේ වනවිට ජාත්‍යන්තරයේ විවේචනයට ලක්ව තිබේ.

මේ අතර, ඉදිරි සතිවල සිදුවීමට නියමිතව තිබු ස්වීඩන අග්‍රාමාත්‍යවරයාගේ සහ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයෙකුගේ නිල කොරියානු සංචාර අවලංගු කිරීමට ස්වීඩන සහ ජපන් බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අමෙරිකාවේ ධවල මන්දිරය ද නිවේදනය නිකුත් කරමින් පැවසුවේ, දකුණු කොරියාවේ වත්මන් තත්ත්වය සමීපව නීරීක්ෂණය කරමින් සිටින බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *