Press "Enter" to skip to content

බුදුන්ගේ දන්ත ධාතූන් වහන්සේ නමට තායිලන්තයේදී උණුසුම් පිළිගැනීමක්

බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් චීනයේ සිට තායිලන්තයට වැඩම කරවීම සිදුකෙරේ.

තායිලන්ත මහා වජිරලොංකෝන් රජුගේ උපන්දිනය නිමිත්තෙන් සහ තායිලන්තය සහ චීනය අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම නිමිත්තෙන් තායිලන්ත අගනුවර බැංකොක්හි සිද්ධස්ථානයක් වෙත චීනය විසින් ලබා දුන් බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් වැඩම කරවීම පසුගිය බදාදා සිදු විය.

ධාතූන් වහන්සේ රැගත් චීනයේ සිට විශේෂ ගුවන් යානයක් බැංකොක්හි හමුදා ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

සනම් ලුආන්ග්හි තැන්පත් කිරීමට ධාතූන් වහන්සේ මහා මාර්ගය ඔස්සෙ වැඩම කෙරුණු අතර අග්‍රාමාත්‍ය පායේතොන්ග්තාන් ශිනවත්‍රා පිළිගැනීමේ උත්සවයේ මුලසුන දැරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධාතූන් වහන්සේ වැඩම කරවීමේ විචිත්‍රවත් පෙරහරට බැතිමතුන් 2,000 කට අධික පිරිසක් සහභාගී වූහ.

ගෞරවනීය බෞද්ධ ධාතූන් වහන්සේ නමක වන මෙම ඓතිහාසික ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කෙරුණේ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය හා බීජිංහි රාජකීය තායි තානාපති කාර්යාලය එක්වයි.

බුදුන් වහන්සේගේ දළදාව සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් විවිධ රටවලින් ඉදිරිපත් වන තරඟකාරී ප්‍රකාශයන් එහි ප්‍රභවය පිළිබඳව ප්‍රශ්න මතු කළද, මිත්‍රත්වයේ ප්‍රදර්ශනයක් ලෙස දන්ත ධාතුන් වහන්සේ ලබා දීම චීනයේ මෘදු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයක් පිළිබිඹු කරන්නක් බව සදහන් වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *