Press "Enter" to skip to content

ඇමරිකාව පැනවූ අතිරේක තීරු බදු සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය

චීනයේ ඇතැම් නිෂ්පාදනවලට ඇමරිකාවේ අංක 301 දරන තීරු බදු වගන්තියට අනුව ක්‍රියාත්මක බදු අනුපාතය තවදුරටත් ඉහළ නැංවීමේ ඇමරිකානු තීරණයට චීනය ප්‍රතිචාර දක්වයි.

චීනයෙන් ආනයනය කෙරෙන ටංස්ටන් නිෂ්පාදිත, Polysilicon ඇතුළු නිෂ්පාදිත කෙරෙහි ‘301 තීරු බදු’ අතිරේකව පනවන බව පසුගියදා(11) ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ඊයේ(16) චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.

ඇමරිකාව චීන නිෂ්පාදිත කෙරෙහි ‘301 තීරු බදු’ පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ උපමාන උල්ලංඝනය කර ඇති බව එම සංවිධානය කාලයකට පෙරම තීන්දු කර ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය. ඇමරිකාවේ මෙවන් විධිවිධාන එරට වෙළඳ හිඟය හා කර්මාන්ත තරගකාරීත්වය මුහුණ පා ඇති ප්‍රශ්නවලට කිසිඳු අයුරකින් විසඳුම් ක්‍රියාමාර්ගයක් නොවනු ඇත. ඉන් සිදු වනුයේ, ඇමරිකාවේ උද්ධමනය ඉහළ යාම හා ඇමරිකානු පාරිභෝගිකයින්ගේ ප්‍රතිලාභවලට හානි සිදුවීම පමණි. ජාත්‍යන්තර ආර්ථික වෙළඳ පටිපාටිය හා ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයන්හි සුරක්ෂිතතාවය හා ස්ථාවරත්වය ද මෙමගින් බරපතල ලෙස විනාශ කෙරෙනු ඇත.

ඇමරිකාව කඩිනමින් සිය වරද නිවැරදි කර චීන නිෂ්පාදිත කෙරෙහි පැනවූ අතිරේක තීරු බදු අහෝසි කළ යුතුය. සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය අනිවාර්ය පියවර ගැනීමට දැඩිව සූදානම් බව ද එම ප්‍රකාශකයා අවධාරණය කර ඇත.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *