ඩිමොක්‍රටික් පක්ෂය විසින් නම වෙනස් කරන ලද ඇලස්කාවේ පිහිටි උතුරු ඇමරිකාවේ උසම කඳුවැටිය සේ සැළකෙන ‘ඩෙනාලි’ කඳුවැටියට නැවත කලින් තිබූ නම යොදවන බවට ඇමරිකානු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතිඥා දී තිබේ. මේ අනුව ලබන ජනවාරි 20 වැනිදා තම රජය පිහිටුවීමෙන් පසු එම කඳුවැටියට එහි කලින් නම වූ මැක් කින්ලි යන නම යොදන බව ට්‍රම්ප් පවසා තිබේ. ඇලස්කානු භාෂාවෙන් උසම කඳුවැටිය යන අර්ථය ගෙන දෙන ‘ඩෙනාලි’ යන නම අදාළ කඳුවැටියට යොදන ලද්දේ හිටපු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති බැරක් ඔබාමා විසින් 2015 වසරේදී වන අතර එතෙක් එම කඳුවැටිය හඳුන්වන ලද්දේ මැක් කින්ලි යන නමිනි. අදාළ කඳුවැටියට මැක් කින්ලි යන නම යොදා ඇත්තේ 1917 වසරේදී වන අතර එය 1901 වසරේ ඝාතනය වූ 25 වැනි ඇමරිකානු ජනාධිපති විලියම් මැක් කින්ලිට උපහාර වශයෙන් යොදා ගෙන තිබිණි.
ඇමරිකාවේ හිටපු විශිෂ්ටම ජනාධිපතිවරයෙකු වූ විලියම් මැක් කින්ලිගේ නමින් උතුරු ඇමරිකාවේ උසම කඳු වැටිය නම් කිරීම ඔහුට කරන ගෞරවයක් බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඇරිසෝනා ප්‍රාන්තයේ ෆීනික්ස් නගරයේ රැළියක් අමතමින් සඳහන් කර තිබේ.
Be First to Comment