Press "Enter" to skip to content

සිරියාවේ හිටපු ජනපති ආර්යාව දික්කසාද වීමේ පුවත රුසියාව ප්‍රතික්ෂේප කරයි

දේශපාලන රැකවරණ යටතේ මේ වන විට රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටින සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ බිරිය අස්මා අසාඩ් දික්කසාද වීමට තීරණය කර ඇතැයි ද, ඔහුගෙන් ඉවත්වී බ්‍රිතාන්‍යයේ පදිංචියට යෑමට සැලසුම් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලන්ඩන් නුවර උපත ලැබූ අස්මා සුඛෝපභෝගී ජීවන රටාවකට හුරුවූ කාන්තාවක් බැවින් ඇයට මොස්කව් නුවර ජීවිතය ඉතා දුෂ්කර බව සඳහන් කරමින් එම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අරාබි සහ තුර්කි මාධ්‍ය උපුටා දක්වමින් අමෙරිකාව ඇතුළු බටහිර මාධ්‍ය පළ කළ එම පුවත ඊයේ රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවද වාර්තා වේ. මොස්කව් නුවර සමඟ දීර්ඝ සම්බන්ධතාවක් පවතින අසාඩ්ගේ පවුලේ සාමාජිකයන් සතුව ඩොලර් මිලියන ගණනාවක දේපළ රුසියාවේ ඇති බවත්, හිටපු ජනපති ආර්යාව අස්මා අල් අසාඩ් දික්කසාද වීමේ හෝ රුසියාව හැර යෑමේ තීරණයක් ගෙන නැති බවත් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *