Press "Enter" to skip to content

කොවිඩ් වසංගතයෙන් පසු චීනයේ තවත් වෛරසයක්

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් 19 රෝගීන්ද ඒ අතර සිටින බව විදෙස් වාර්තා පෙනවා දෙයි.

එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බවද වාර්තා වේ.

වෛරස තත්ත්වය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බව සඳහන්.

පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පැවසෙන නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නොමැත.

රෝග තත්ත්වය සම්බන්ධයෙන් ද චීන බලධාරින් ද මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *