Press "Enter" to skip to content

ලොව වයස්ගතම කත මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් පොතට එක්වී සිටි ජපානයේ 116 හැවිරිදි කාන්තාව මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටොමිකෝ ඉටූකා නමැති එම කාන්තාව ජපානයේ අෂියා නුවර වැඩිහිටි සත්කාර නිවාසයකදී මෙලොව හැර ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ටොමිකෝ ඉටූකා ගිනස් වාර්තාවට හිමිකම් කීවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී එවකට ලොව වයස්ගතම පුද්ගලයාගේ වාර්තාවට හිමිකම් කී ස්පාඤ්ඤයේ 117 හැවිරිදි මරියා මොරේරා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ටොමිකෝගේ අභාවයත් සමඟ ලොව වයස්ගතම පුද්ගලයාගේ ගිනස් වාර්තාවට හිමිකම් කීමට නියමිතව ඇත්තේ බ්‍රසීලයේ ඉනා කැනබාරෝ ලූකාස් නමැති 116 හැවිරිදි කන්‍යා සොහොයුරිය බව ද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *