Press "Enter" to skip to content

ලොව විශාලතම ලිතියම් ආකරය ලබන වසරේ වැඩ අරඹයි

මීට වසර දෙකකට පෙර අමෙරිකාවේ නෙවාඩා සහ ඔරිගන් ප්‍රාන්ත දේශසීමාව අසලින් සොයාගත් ලොව විශාලතම ලිතියම් ආකරයේ වැඩ කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙට්‍රික් ටොන් මිලියන 40ක් සැඟවී ඇතැයි කියන එම ලිතියම් ආකරයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ පොසිල ඉන්ධන පරිභෝජනය ඉහළ යෑම හේතුවෙන් උද්ගත වී ඇති ගෝලීය දේශගුණික විපර්යාස මැඬ පවත්වා ලෝක බලශක්ති ක්ෂේත්‍රය තුළ හරිත විප්ලවයක් කිරීමට හැකියාව ඇතැයි විද්‍යාඥයන් අනාවැකි පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මැක්ඩර්මිට් කල්දේරා නමින් හඳුන්වනු ලබන වසර දසදහසක් පැරැණි සුපිරි ගිනිකන්දක් පිහිටි බවට හෙළි වී ඇති එම ලිතියම් ආකරය අක්කර 616ක වපසරියකින් යුතු බවත්, එහි වැඩකටයුතු ආරම්භ කිරීමෙන් ලෝක වෙළෙඳපොළේ දැනට ලිතියම් ආධිපත්‍ය පතුරුවාලමින් සිටින චීනයට එමගින් දැඩි බලපෑම් එල්ල වනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. වසර 2028 වනවිට වාර්ෂිකව ලිතියම් මෙට්‍රික් ටොන් මිලියන 1.5ක ධාරිතාවකින් යුතු නිෂ්පාදනයක් ඉලක්ක කරමින් අමෙරිකානු රජය මගින් ඩොලර් බිලියන 2.26ක ණය මුදලක් ලිතියම් ආකරයේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට එරට බලශක්ති දෙපාර්තමේන්තුවට ලබාදී ඇතැයි ද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *