Press "Enter" to skip to content

ටිබෙට් භූ කම්පාවෙන් දිවි ගලවා ගත් අය සොයා රාත්‍රියේත් සෝදිසි කිරීම්

එවරස්ට් අසල ටිබෙටයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගොඩනැගිලි 3,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇත.

ගලවා ගැනීමේ මෙහෙයුම් ඊයේ රාත්‍රියේ ද සිදු කර ඇතැයි සදහන් වේ.

අඟහරුවාදා ඇති වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් 188 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ දත්ත වලට අනුව රිච්ටර් මාපක 7.1 ක භූමිකම්පාව නේපාලයට සහ අසල්වැසි ටිබෙටයට අයත් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී ඇත.

චීනයේ රාජ්‍ය විකාශක සීසීටීවී විසින් ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ දර්ශන පෙන්නුම් කරනුයේ ටිබෙටයේ ශුද්ධ වූ ෂිගාට්සේ නගරයේ විනාශ වූ නිවාස සහ ගොඩනැගිලි කඩාවැටීම, ගලවා ගැනීමේ සේවකයින් සුන්බුන් අතරට යමින් සහ ප්‍රදේශවාසීන්ට ඝන බ්ලැන්කට් බෙදා දීමේ දර්ශනය.

මෑත කාලීනව චීනයේ ඇති වූ මාරාන්තිකම භූ කම්පනයක් ලෙස අඟහරුවාදා දිනයේ ඇති වූ කම්පනය හදුන්වනු ලැබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *